තෙල් මිල ඉහල ගියහොත් එයට රජයේ සූදානම කෙසේද?

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 , කොළඹ (LNW):

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ, මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර ඇති බවයි.

ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් අදාළ කමිටුව නිර්දේශ සිදුකරන බවද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මැදපෙරදිග ඇතිවෙලා තිබෙන යුදමය තත්ත්වය එක්ක තෙල් මිල ඉහළ යාමේ අවදානමක් තිබෙනවා. ඒ පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් ලබාදීලා තියෙනවා. ඒ පිළිබඳව මැදිහත්වෙලා එවැනි තත්ත්වයත් තිබුණොත් කොහොමද තෙල් මිල පාලනය කරගන්නේ ඒකට කොහොමද මුහුණදෙන්නේ කියන එක පිළිබඳව කටයුතු කරන්නත් මේ කමිටුව තීරණය කරලා තිබුණා.”

“ආණ්ඩුව ඉන්ධන මිල අඩුකළාට බස් ගාස්තුව යම් ප්‍රමාණයකින් අඩුවුණා නමුත් පාසල් ප්‍රවාහන ගාස්තු අඩුකරලා නැහැ. ඒ නිසා මේ කමිටුවට නිර්දේශ කළා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීලා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ඒ වෑන් සහ බස් රථවලත් මිල අඩුකරන්න තීන්දු ගන්න ඒ සඳහා වාර්තාවක් කැඳවන්න තින්දුකරලා තියෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...