ඩයනාට එරෙහි නඩු හතක් විභාගයට. සාක්ෂිකරුවන්ට නොතීසි!

Date:

කොළඹ LNW:හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොණු කර තිබෙන නඩු 7කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙනුයි ඇයට එරෙහිව අදාළ නඩු ගොනු කර ඇත්තේ.

ඒ අනුව අදාළ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ආගමන හා විගමන පාලක හෝ ඔහුගේ නියෝජිතයකු සහ තවත් පාර්ශ්වකරුවන් කිහිපදෙනෙකු වෙත මෙම නොතීසි නිකුත් කර තිබේ.

ඩයනා ගමගේ මහත්මියට අදාළ උක්ත චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සාක්ෂිකරුවන් වෙත නොතීසි යොමුකිරීමට නියෝග කර ඇත.

ඒ අනුව අදාළ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ආගමන හා විගමන පාලක හෝ ඔහුගේ නියෝජිතයකු සහ තවත් පාර්ශ්වකරුවන් කිහිපදෙනෙකු වෙත මෙම නොතීසි නිකුත් කර තිබේ.

අදාළ නඩු ලබන 24 වනදා විභාගයට ගැනීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...