(VIDEO) දිනෙන් දින සමුගන්නා දේශපාලන ලොක්කෝ, යට ගිය ඝාතන උඩ එන යුගයක්ද? රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම මවා පෑමක්ද?

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16 , කොළඹ (LNW):

තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොගත් බවත් තාවකාලික සමුගැනිමක් පමණක් සිදුකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැස‍ිය. කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙ බව කිවේය.

ශ්‍රීලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතාව උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය වාර්තා කරයි. එහි සඳහන් වන්නේ එම ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් කරන බව ගනේගොඩ මහතා පැවසූ බවයි.

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදාහැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස පසුගිය දා උපදෙස් ලබා දෙනු ලැබීය.

මාතලේ මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යළි දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.

මාතලේ මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යළි දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

එක්වන්න දිවා පුවත් සමඟින්..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...