නේපාලයේ දාහක චිමිනියක් නිසා රෝහලකට බලපෑම්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 16,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
:දාහකයක් ආසන්නයේ එහි චිමිනියෙන් පිට වූ කළු විෂ සහිත දුමාරය හේතුවෙන් නේපාලයේ කත්මන්ඳු අගනුවර පිහිටි ත්‍රිභූවන් විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලට (TUTH) බලපෑම් ඇති වී තිබේ.

මෙම සිදුවීමෙන් එම රෝහලේ කාර්ය මණ්ඩලයට නොනවත්වා කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, හිසරදය, ඇස්වල වේදනාව සහ කුෂ්ඨ ඇති වී ඇති බවට පැමිණිලි රාශියක් ලැබී පවතී.

ළමා හා අලුත උපන් දැඩි සත්කාරවල සිටින ළමුන් සහ ළදරුවන් සහ ශ්වසන රෝග ඇති වැඩිහිටියන් ඇතුළි එහි අවදානමට ලක්විය හැකි රෝගීන් ආරක්ෂා කිරීම සඳහා කාර්ය මණ්ඩලය නොමසුලුව කටයුතු කළහ.

ජනෙල් වසා තැබීම නිසා කාමර අධික ලෙස රත් වූ අතර රෝගීන්ද අපහසුතාවයට පත් විය.

දහන යන්ත්‍රය ක්‍රියාත්මක වූ විට දුමාරය මෙම සංවේදී ප්‍රදේශවලට නිතර ඇදී ගිය අතර එමඟින් සැලකිය යුතු පීඩාවක් ඇති ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

AI ස්පෑම් නාලිකා මර්දනයට යූටියුබ් වෙතින් දැඩි පියවරක්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී YouTube ආයතනය...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...