නෙත්සලා නෙත් සේ රැකිය යුතු බව යළිත් තහවුරු කරයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 19, (LNW) කොළඹ :

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමාප්තිය සටහන් වන මලල ක්‍රීඩා ඉසව් ඊයේ ආරම්භ වුණා.ආරම්භක දිනයේ දී නව වාර්තා පහක් තරග උළෙල ඉතිහාසයට එකතු කරන්නට දිවයින නන් දෙසින් පැමිණි පාසල් ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් සහ එක් ක්‍රීඩකයෙක්ට හැකි වුණා.


මෙහිදි දලිනි නෙත්සලා රාජපක්ෂ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් දුර පැනීමේ ඉසව්වේ සමස්ත ලංකා පාසල් වාර්තාවද තමන්ගේ නමට ලියා ගන්නට සමත් වුණා.මසක පමණ කාලයක් ඇතුළත ඇය සහභාගි වූ ක්‍රීඩා ඉසව්වලදී දුර පැනීමේ ඉසව්ව දිගටම එම උළෙලට අදාළ වාර්තාව ද සමඟ දිනා ගෙන සිටින නෙත්සලා තවමත් 14 හැවිරිදි,16 න් පහළ ඉසව් නියෝජනය කරන ක්‍රීඩිකාවක් බැවින් අප නිතරම කියන සේ “නෙත්සලා නෙත් සේ“ රටේ මලල ක්‍රීඩා අනාගතයට රැක ගත යුතු බව යළිත් අවධාරණයෙන් කියා සිටිනවා.


නෙත්සලාගේ පිම්ම මීටර් 5.94 ක් වුව ද ඇය මෑත කාලයේ ජය ගත් ක්‍රීඩා උළෙල දෙකේදීම මිටර් 6 ඉක්මවා යන,ජාත්‍යන්තර වශයෙන් ගත් විට එම වයසේ ක්‍රීඩිකාවකට වාර්තා කළ හැකි ඉහළම පැනීම් දස්කම් පෙන්නූ ක්‍රීඩිකාව බවට පත් වුණා.


කළුතර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය නියෝජනය කරන දිල්කි නෙහාරා අවුරුදු 18 න් පහළ කුන් පිම්ම ඉසව්වේදී පෑ මීටර් 12.44 ක දක්ෂතාවයද සටහන් වූයේ ක්‍රීඩා උළෙලේ එම වයස් ඛාණ්ඩයට අයත් නව වාර්තාවක් ලෙසයි.ගම්පහ රතු කරුස විද්‍යාලයේ තරිනි නිර්මිණා අවුරුදු 16 න් පහළ කාන්තා මීටර් 100 අවසාන පූර්ව තරගය ජය ගනිමින් වාර්තා කළ තත්පර 12.47 ද නව වාර්තාවකි.අවුරුදු 18 න් පහළ බාලිකා මීටර් අවසන් පූර්ව තරගයේ දී ද එවැනිම වාර්තාගත ජයක් ලබන්නට පන්නිපිටය ධර්මපාල විද්‍යාලයේ ඩිලත්මා රන්සිනි සමත් වූවාය.ඇය වාර්තා කළ කාලය තත්පර 12.19 ක් විය.
පළමු දිනයේ ක්‍රීඩකයෙකු අතින් වාර්තා වූ එකම නව වාර්තාවට හිමිකම් කීවේ අශින් තෙවරප්පෙරුමය.ගේටිවේ විද්‍යාලය නියෝජනය කළ අශින් අවුරුදු 14 න් පහළ උස පැනීමේ ඉසව්වේදී මීටර් 1.76 ක උසක් පනිමින් එම නව වාර්තාව පිහිටවනු ලැබීය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...