දුර දිග ගිය රනිල් සහ මහින්දගේ වාහන ප්‍රශ්නය – රජයෙන් නිවේදනයකුත් නිකුත් කරයි.

Date:

කොළඹ LNW: හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ විසින් භාවිතා කරන ලද වාහන නැවත භාර දීම සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් මතුව තිබෙන අතර ජනාධිපති හිමිකම් පනතට අනුව ඔවුන් දෙදෙනා දැනට භාවිතා කරන අතිරික්ත වාහන නැවත භාර දෙන ලෙස රජය විසින් ලිඛිතව දැනුම් දීම කර ඇත.

මේ සම්බන්ධයෙන් පුවත් පළවුණේ එලෙස භාර දෙන ලෙස දන්වා තිබූ අතිරික්ත වාහන නැවත භාර නොදීම හා මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී යනුවෙන් පුවත්ය.

ඒ අනුව මේ වන විට මෙම කාරණය සම්බන්ධයෙන් නිල නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව දැක්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් 08ක් නැවත භාර දී ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ තවදුරටත් වාහන 11ක් පවතින බවත්ය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...