වංචනිකයන් හා දූෂිතයන්ට දඩුවම් දෙන ජනතා සටන අත්හැර නෑ – ජනපති අනුර

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන්, ‘රට හදන මාලිමාවේ අපි එකට” ජන රැළි මාලාවේ සමාරම්භක ජන රැළිය අද (19)දින තංගල්ලේදී පැවැත්වුණි.

වංචනිකයන් හා දූෂිතයන්ට දඩුවම් දෙන ජනතා සටන අත්හැර නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී යළි අවධාරණය කළේය.

ඉදිරියේ දී ගෙන එන අයවැය තුළින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමටත් , පාසල් දරුවන්ට දීමනාවක් ලබාදීමටත් දිළිඳු සහ ආබාධිත ප්‍රජාවට ලබාදෙන දීමනාව ඉහළ දැමීමටත් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළ අතර, මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කරමින් පැවැත්වෙන ජන රැළි මාලාවේ පළමු ජන රැළිය තංගල්ලේ දී පැවැත්වුණි.

ජනාධිපතිවරයා පත්වීමත් සමග නව සංස්කෘතියක් නිර්මාණය කිරීමට හැකිවී ඇති බව, ජන රැළිය ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියාසිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...