ඇයි රජයට IMF එකත් එක්ක සාකච්ඡා කර බදු බර අඩු කරන්න බැරි ? – සජිත් ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් (IMF) සමග කතා කර ජනතාවට ලැබෙන සහන වැඩි කරන. ජනතාවගේ කරපිට බදුබර පැටවීම ලිහිල් කරන නව ගමනක් රටේ ජනතාව අපේක්ෂා කළත් මේ මොහොත වන තුරු IMF නියෝජිතයන් සමග සාකච්ඡා කර ජනතාව මත පැටවු සෘජු හා වක්‍ර බදු අඩු කරන්න රජයට නොහැකි වී ඇති බවත් තවමත් ඒ බදු ඒ ආකාරයෙන් ක්‍රියාත්මක බවත් වත්මන් රජයත් IMF ගිවිසුම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත් මැතිවරණ කාලයේ දුන් පොරොන්ද රජයට අමතක වී ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) අවිස්සාවේල්ල පැවැති පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

ජනාධිපතිවරයා සහ රජය IMF සමග සිදුකළ සාකච්ඡාවට වුන දේ දැන ගන්න කැමති බවත් සෘජු හා වක්‍ර බදු අඩු කරන්න රජය ගන්නා පියවර දැන ගන්නට කැමති බවත් තමා බලයට ආවා නම් IMF ගිවිසුම සංශෝධනය කර බදු බර අඩු කර බදු අසහනය නැති කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම වත්මන් රජය මැතිවරණ සමයේ බදු අඩු කරනවා යැයි කිව්වත් එය කරන්නේ නැති බවත් සමගි ජන බලවේග රජයක් තුළ IMf එකත් සමග සාකච්ඡා කර බදු බර අඩු කරන බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කලේය.

තවද පවතින ක්‍රමවේදය තුළ ජීවන බර උහුලා ගත නොහැකි බවත් මේ පීඩනයෙන් ජනතාව අසරණ වී ඇති නිසා මේ පීඩනය අසහනය අඩු කරන වැඩපිළිවෙළකට යා යුතු බවට තමා විපක්ෂයේ සිටම ⁣IMF එකට යෝජනා කළ බවත් එදා IMF නියෝජිතයන් තමා කියු දෙයට ඇහුම්කම් දී ජනවරමක් ඇත්නමි ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කැමති වු බවත් සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය බලයට ආවා නම් ජනතාව පීඩාවට පත් කරන බදු බර නැති කර සහන සලසන බවත් මෙහි දී තවදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...