ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු 17.4% කින් වැඩි වෙයි – අවම ගාස්තුව 17 යි

නව වසරේ ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික බස් මෙන්ම ලංගම බස් ගාස්තුද සංශෝධනය වීමට නියමිතය.

දැනට ක්‍රියාත්මක අවම ගාස්තුව වන රුපියල් 14 ක ගාස්තුව රුපියල් 17 ක් දක්වා ඉහළ දමා ඇති අතර සෙසු බස් ගාස්තු 17.4% ක අගයකින් ඉහළ දමා තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම සහ බස් හිමියන්ගේ සංගම් සමග අද පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳ අවසන් තීරණයට එළඹ තිබේ.

UN