පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි!

0
374

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

ගාල්ල උඩුගම ප්‍රදේශයේ දී, අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩි තබා තිබේ. ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ ලොරියට මාර්ග බාධකයේ දී නතර කරන ලෙස පොලීසිය අණ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම අවස්ථාවේ අදාළ ලොරිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය වෙඩි තබා ඇත. ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එහි සිටි තවත් තුන්දෙනෙකු පළා ගොස් තිබේ.