‘මගේ පොඩි පිස්සු ගතිය ෂි දන්නා නිසා චීනය මට ගරු කරනවා ‘ – ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නව ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණියහොත් චීනය ඔහුව කුපිත කිරීමට එඩිතර නොවනු ඇති බව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කර තිබේ.

ජනාධිපති අපේක්ෂකවරයා මේ බව අද(20)දිනයේදී වෝල් ස්ට්‍රීට් ජර්නල් හි කර්තෘ මණ්ඩලයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබු අතර, චීනය විසින් තායිවානය අවහිර කිරීමට උත්සාහ කළහොත් චීනයට 150% සිටි 200% දක්වා තීරුබදු පනවන බව ඔහු මෙහිදී සඳහන් කර තිබිණ.

කෙසේ නමුත් චීනය වෙනුවෙන් තමාට හමුදාව යෙදවීමට අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළ ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, චීන ජනාධිපතිවරයා සමඟ තමාට ඉතා ශක්තිමත් සබඳතාවක් පැවති බවත්, ඔහු ඉතා දරුණු පුද්ගලයෙකු වන බවත්, තමාට යම් පිස්සු ගතියක් ඇති බව ඔහු හඳුනන හෙයින් තමාට ගරු කරන බවත්ය.

මිට අමතරව සාකච්ජාව තුලදී ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති සම්බන්ධතාවය පැහැදිලි කර තිබු අතර මෙහිදී ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, තමා ඔහු හොඳින් ඇසුරු කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පරීක්ෂණාගාරය විවෘත වේ….

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : GP Certified විසින්...

ගනේමුල්ල සංජීව ඝාතනය: සැකකාර නීතිඥවරිය ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට...

බන්ධනාගාර ගත කරන්න තරම් සාක්ෂි නෑ.බැකෝ සමන්ගේ බිරිඳට ඇප!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...