‘මගේ පොඩි පිස්සු ගතිය ෂි දන්නා නිසා චීනය මට ගරු කරනවා ‘ – ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නව ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණියහොත් චීනය ඔහුව කුපිත කිරීමට එඩිතර නොවනු ඇති බව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කර තිබේ.

ජනාධිපති අපේක්ෂකවරයා මේ බව අද(20)දිනයේදී වෝල් ස්ට්‍රීට් ජර්නල් හි කර්තෘ මණ්ඩලයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබු අතර, චීනය විසින් තායිවානය අවහිර කිරීමට උත්සාහ කළහොත් චීනයට 150% සිටි 200% දක්වා තීරුබදු පනවන බව ඔහු මෙහිදී සඳහන් කර තිබිණ.

කෙසේ නමුත් චීනය වෙනුවෙන් තමාට හමුදාව යෙදවීමට අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළ ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, චීන ජනාධිපතිවරයා සමඟ තමාට ඉතා ශක්තිමත් සබඳතාවක් පැවති බවත්, ඔහු ඉතා දරුණු පුද්ගලයෙකු වන බවත්, තමාට යම් පිස්සු ගතියක් ඇති බව ඔහු හඳුනන හෙයින් තමාට ගරු කරන බවත්ය.

මිට අමතරව සාකච්ජාව තුලදී ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති සම්බන්ධතාවය පැහැදිලි කර තිබු අතර මෙහිදී ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, තමා ඔහු හොඳින් ඇසුරු කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...