මේ දිනවල ඌරු මස් කන්නේ බලාගෙනයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21,කොළඹ (LNW):

ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඒ පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් බව වාර්තා වේ.

ඒ සඳහා කොට්ඨාස භාර පශු වෛද්‍යවරයෙකුගෙන් සෞඛ්‍ය සහතිකය ලබා ගත යුතු බවත්, පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ද එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේය.

මේ දිනවල ඌරන් අතර ප්‍රජනන හා ස්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝගයක් පැතිරෙමින් ඇති අතර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ ,බස්නාහිර , වයඹ හා උතුරු මැද පළාත් ඇතුළු ප්‍රදේශ රැසකින් රෝගය වැළදුණු ඌරන් හඳුනා ගෙන ඇති බවයි.එම රෝගය වැළඳී මිය ගිය ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...