නවසීලන්ත කාන්තාවෝ ලෝකය ජය ගනිති

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 21, (LNW) කොළඹ :අවසන් තරගයට පිවිසි තෙවන අවස්ථාවේදී නවසීලන්ත ක්‍රීඩිකාවෝ ලෝක කුසලානය අත්පත් කර ගන්නට සමත් වූහ.දකුණු අප්‍රිකාව දෙවන වරට අවසන් තරගයකට පිවිසීමේ අවස්ථාවේදි ලෝක කුසලානය අත්පත් කර ගැනීමේ අවස්ථාව අහිමි කරමින් කැමෙලියා කර් සිය තුන් ඉරියව් දස්කම් යොදා ගනිමින් නවසිලන්තයට ජයග්‍රාහී මාවත උදා කර දෙන්නට සමත් වුණා.

නවසීලන්ත ඉණිමේ වැඩිම ලකුණුලාභිණිය වූ ඇමෙලියාගේ ලකුණු 43 ත් සමඟ නවසීලන්ත ඉණිම නියමිත පන්දු ඕවර් 20 තුළ කඩුලු 5 දී ලකුණු 158 ක් කරා පිවිසුණා.දෙවන ඕවරයේ පන්දුවට පහර දීමට පැමිණි ඇමෙලියා නවසීලන්ත ඉණිම සවිමත් කරමින් 19 වන ඕවරයේ පස්වන පන්දුව තෙක්ම කඩුල්ලේ රැඳි සිටියා.දෙවන කඩුල්ලට සුසී බේට්ස් (32) සමඟ ලකුණු 37 ක සබඳතාවයක් ද,සිව්වන කඩුල්ලට බෘක් හැලිඩේ (38) සමඟ ලකුණු 57 ක සබඳතාවයක්ද පවත්වන්නට ඇමෙිලියා දායක වෙමින් පිටියෙන් ඉවත් වුණේ පස්වන කඩුල්ල ලෙස වීම ඇයගේ දායකත්වයේ බලපෑම කියා පාන්නක්.

පිළිතුරු ඉණිමේදී ද ඇමෙලියා නවසීලන්තය වෙනුවෙන් හොඳම පන්දු යැවීම සටහන් කරන්නට සමත් වුණා.රෝස්මේරි මේර් ද ඉතාමත් හොඳ පන්දු යැවීමක් පෙන්වමින් ලකුණු 25 ට කඩුලු 3 ක් දවා ගත්තද ඇමෙලියා දවා ගත් කඩුලු 3 වෙනුවෙන් ඇය ලබා දී තිබුණේ ලකුණු 24 ක් පමණයි.මේර් ගේ දහ ඇමෙලියාගේ පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්වෝර්ඩ්ට් (33) ටෂ්මින් බ්‍රිට්ස් (17) ගොඩ නැඟූ ආරම්භක කඩුල්ල සඳහා වූ ලකුණු 51 සබඳතාවය ජයග්‍රහණය කරා රැඟෙන යන්නට දකුණු අප්‍රිකාව අසමත් වුණා.

ඔවුන් පන්දු ඕවර් 20 නිමාවේ දී ලබා සිටියේ කඩුලු 9 ක් දැවී ලකුණු 126 ක් පමණයි.දකුණු අප්‍රිකානු සිහිනය බොඳව යද්දී,දිය දිහිනය සැබෑ කරගත් නවසීලන්තය ලකුණු 32 ක ජයක් ලබමින් ලෝක කුසලානය අත් පත් කර ගැනීමට සමත් වූ අතර අවසන් තරගයේ දී දක්වන ලද දක්ෂතා වෙනුවෙන් ඇමෙලියා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වුණා.එසේම සමස්ත තරගාවලියේ ඇය විසින් ලකුණු 135 ක් ලබමින් සහ කඩුලු 15 ක් ලබමින් කළ දස්කම නිසා තරගාවලියේ විරවරිය ලෙසද ඇගයීමට පාත්‍ර වුණා.ඇය ලැබූ කඩුලු 15 ඇයට තරගාවලියේ වැඩිම කඩුලුලාභිණිය වන්නට ද මඟ පාදා දුන්නා.
පහතින් දැක්වෙන්නේ අවසාන තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන සබඳතාවයයි.

https://es.pn/4dTBppu

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...