*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

හිටපු ආණ්ඩුවටත් වත්මන් ආණ්ඩුවටත් IMF ගිවිසුම සංශෝධනය කරන්න බැරි වුණාට අපිට පුළුවන් – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරියේ දි නිර්මාණය වන ආණ්ඩුවට වත්මන් ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ජනතාවට වාසිවන ලෙස සංශෝධනය කිරිමට හැකිවිය යුතු බවත් ඒ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බවත් විපක්ෂයේ සිට පවා IMF සමග සමගි ජන බලවේගය වට ගණනාවක් සාකච්ඡා කර අවබෝධතා රැසකට එළැඹ තිබුණු බවත් වත්මන් පාලකයන්ට මේ ගිවිසුම වෙනස් කිරීමට නොහැකි වුවත් සමගි ජන බලවේගයට එය හැකි බවත් සමගි ජන බලවේගයේ හා සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ බොරැල්ල මැතිවරණ බල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

මැතිවරණ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත් ලක්ෂණයක් බවත් මැතිවරණවලින් රටේ ජනතාවට ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පළාත් සභාවේ, පළාත් පාලන ආයතනවල බලය ලබාදෙන බවත් මේ වටිනා ක්‍රියාවලිය ආරක්ෂා කර ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතු බවත් මේ ක්‍රමය නිසා පොදුජනතාවගේ හඩට නිසි වටිනාකමක් නිසි අගයක් ලැබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රට ගොඩගත හැකි හොඳම කණ්ඩායම සහ ශක්තිමත්ම කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට

කුමන මැතිවරණයක් පැවැත්වුවත් අදටත් අප රට බංකොලොත්, ණය ගෙවාගත නොහැකි රටක් බවත් අපේ අරමුණ විය යුත්තේ මේ රට බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීම බවත් මේ බංකොලොත්භාවය නිසා අසහනයට පීඩනයට දුකට පත් වූ සියලු දෙනාගේ ජන ජීවිත ශක්තිමත් කර ආරක්ෂා කිරීම වගකීම විය යුතු බවත් මෙවර මහමැතිවරණයේ දී බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීමට ඇති හොඳම වැඩපිළිවෙළ හොඳාම දර්ශනය ඇති පක්ෂය සහ කණ්ඩායම සිටින්නේ කා සමඟ ද කියා සොයා බැලිය යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා රට ගොඩගත හැකි හොඳම කණ්ඩායම සහ ශක්තිමත්ම කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට බවත් පැවසීය.

හිටපු ජනාධිපති හා ආණ්ඩුව 2028 සිට ණය ගෙවීමට ගිවිසුම් අත්සන් කර අවසන් බවත් IMF පැවසූ ආකාරය අනුව 2033 සිට ණය ගෙවිය හැකි වුවත් රජය එය 2028ට අඩු කර ඇති බවත් 2028 සිට ණය ගෙවන්නට නම් ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත තිබිය යුතු වුවත් රටක් ලෙස ශ්‍රී ලංකාව අද සිටින්නේ අමාරු තැනක බවත් ආර්ථිකය කුඩා වී ජන ජීවිත විනාශ වී රටේ ආර්ථික වර්ධන වේගය පලුදු වී ඇති තත්ත්වයක වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් තිබිය යුතුයි

ආර්ථික වර්ධනය වේගවත් කිරීමට නම් ජාතික ආර්ථික සැලසුමක් අවශ්‍ය බවත් මේ ජාතික ආර්ථික සැලසුම තුළ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් එවිට ආර්ථික වර්ධන වේගය වැඩි වී රටක් ලෙස ශක්තිමත් වන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා මේ තුලින් ණය ආපහු ගෙවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ හැකි බවත් පැවසීය.

ඉබි ගමනේ ගිහිල්ලා නම් 2028 ණය ගෙවන්න බැරි වෙනවා

මෙවැනි ඉබි ගමන් ආර්ථික ක්‍රියාවලියක් හරහා නම් 2028 ණය ගෙවන්නට නොහැකි වන බවත් එසේ වුවහොත් 2028 සිට නැවතත් අප රට බංකොලොත් වන බවත් රටේ තරුණයන් දරුවන් ගැන සිතිය යුතු බවත් පෙන්වා දුන් සමගි ජන බලවේගයේ හා සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවතින තත්ත්වයෙන් රට ගොඩ ඒමට නම් ශක්තිමත් ආර්ථික සංවර්ධන සැලසුමක් තිබිය යුතු බවත් එය වේදිකාවේ කියනවා සේම මහපොළොවේ ක්‍රියාත්මක කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan