11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම: කරන්නාගොඩගේ පෙත්සමට දින දෙයි!

Date:

කොළඹ LNW:2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොණු කර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉදිරිපත් කළ පෙත්සම ජනවාරි මස 28 වනදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එම පෙත්සම ඊයේ (23) අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ දී නඩු පවරා තිබුණ අතර එහිදි නීතිපතිවරයා විසින් අධි චෝදනා 667කින් සමන්විත අධිචෝදනා පත්‍රයේ 14 වන සැකකරු ලෙස නම් කිරිම බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා එම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇත.

කෙසේවෙතත් වින්දිත පාර්ශවය විසින් දිගින් දිගටම අවධාරණය කරමින් සිටින්නේ එම සිදුවීමට යුක්තිය ඉටුකරදෙන ලෙසයි.

ඒ අනුව වරින් වර කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මීට අදාළව නිහඬ විරෝධතා ද සංවිධානය කරනු ලබයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...