අදත් වැස්ස- 10/25 කාලගුණ වාර්තාව

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,කොළඹ (LNW):

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් , පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරුමැදසහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...