දිස්ත්‍රික්ක දෙකක තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුවේ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

අද (25) දින , ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකරන බව තැපල් දෙපාර්තමේන්තුව කියා සිටී.

පසුගිය 23වනදා තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකළ අතර අධිකරණය නියෝගයක් හේතුවෙන් කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම තාවකාලිකව අත්හිටවා තිබුණු අතර, මැතිවරණ කොමිසමේ දැනුම්දීම මත ප්‍රාදේශීය තැපල් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුවන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේය.

ලබන 30 වනදාට පෙර තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු බෙදාහැර අවසන් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා,

“2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමේ කටයුතු සිදු වුණේ පසුගිය 23 වනදා, අධිකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් තාවකාලිකව අත්හිටුවා තිබුණා. මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම්දීම මත අද දිනයේ එම කටයුතු නැවත ආරම්භ කරනවා.  ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමත් ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ සිදු කෙරෙනවා.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...