ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය හෙට!

0
235

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ (LNW):

හෙට (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි පැවැසීය. හෙට පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා වූ කාලය තුළදී මැතිවරණය පැවැත්වීමට නියමිතය. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් 55,643 දෙනකු සුදුසුකම් ලබා සිටින බවද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා පැවැසුවේය. 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කොට්ඨාස 17 ක් සඳහා සභිකයන් 31 දෙනකු තෝරා ගැනීමට නියමිත අතර, එම ප්‍රාදේශීය සභාවට දේශපාලන පක්ෂ 08 ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් තරග වදිති.