මෙවර මැතිවරණයේදී වෙනස්කම් රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දදායකයාගේ වම් අතේ සුළැඟිල්ල සලකුණු කරනු ලැබූ අතර, හෙට (26 වැනිදා) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ මහපටඟිල්ල සලකුණු කිරීමටද නියමිතය.

ඇඟිල්ල සලකුණු කිරීමේදී ඇතිවිය හැකි ගැටලු තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දබර ඇඟිල්ල සලකුණු කිරීමට කටයුතු යොදා තිබේ. ඡන්දදායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතෙහි වෙනත් ඇඟිල්ලක් සලකුණු කිරීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...