මෙවර මැතිවරණයේදී වෙනස්කම් රැසක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දදායකයාගේ වම් අතේ සුළැඟිල්ල සලකුණු කරනු ලැබූ අතර, හෙට (26 වැනිදා) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ මහපටඟිල්ල සලකුණු කිරීමටද නියමිතය.

ඇඟිල්ල සලකුණු කිරීමේදී ඇතිවිය හැකි ගැටලු තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දබර ඇඟිල්ල සලකුණු කිරීමට කටයුතු යොදා තිබේ. ඡන්දදායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතෙහි වෙනත් ඇඟිල්ලක් සලකුණු කිරීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...