*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

ස්වයංක්‍රීය වී ඇති රගර්

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 26, (LNW) කොළඹ: මේ දවස්වල ලංකාවෙ රගර් දුවන්නෙ ස්වයංක්‍රීය විදිහට.තරගාවලිය පවත්වාගෙන යන්න නම් කරපු සියලුම කමිටුවල සාමාජිකයන්ගෙ නාම ලේඛණය මේකෙ තියෙනවා.ඒත් ඒ අය පත් කරපු කෙනෙක් නැහැ.වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන් විසුරුවන ලද රගර් පරිපාලනයට සම්බන්ධ සහ අමාත්‍යංශයෙන්ම තනතුරු නොදැරිය යුතු බවට අධිකරණවය පවා දන්වන ලද පුද්ගලයෙක් ද මේ කමිටුවල ඉන්නවා.

මේ කමිටු පත් කිරිම සිඳු කර ඇත්තේ මේ මොහොතට අදාළ බලධාරියා වන අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු නොවන බව ඔහු පවසනවා.ඔහු එසේ පත් කරානම් වැරදියි වගේම නුසුදුසු මොහොතක තනතුරුවලට ඒම සදාචාරසම්පන්න නැති බවට අදහසක් එසේ පත් වූ අයටත් තිබිය යුතුයි.එසේ තිබුණානම් ඔවුන්ට වෙනත් මොහොතක ජිවිතයේ අහිමි දෙයක් ලබා ගත්තාට වඩා සතුටු විය හැකි හිමිකමක් ලැබේවි.
ඒත් බලය නිසි පරිදි නොවි කෙසේ හෝ දරා ගැනීම කියන සංකල්පය ලංකාවෙ හැඩයක්.එසේම ලැබුණු බලය තමන්ට ඇවැසි විදිහට යොදා ගන්නා සිද්ධාන්තය ලංකාවෙ හැම පරිපාලකයෙක්ම වගේ විලාසිතාවක්.මේ කොහොම හරි ලංකාවෙ පවත්වන ජාතික මට්ටමේ රගර් තරගාවලියක් කියන්නෙ විශාල මුදලක් වැය කරන,ඒ මුදල් ආයෝජනය කරන්න මුදල් විශාල වශයෙන් අනුග්‍රහ හැටියට ලැබෙන වැඩ සටහනක්.

මේ තත්ත්වය වාර්තා වන්නේ තරුණ කටයුතු අමාත්‍යංශයෙන් සහ ක්‍රිඩා අමාත්‍යංශයෙන් ලැබුණු මිලියන 100 ක සහ 10 ක මුදල් සම්බන්ධයෙන් වැය කිරීම් සම්බන්ධයෙන් නිසි ගිණුම් වාර්තා නොමැති බවට චෝදනා නැඟෙමින් තිබෙන මොහොතක.එසේම මෙම මුදල් ශ්‍රී ලංකා රගර් සම්මේලනය විසින් තීරණය කර එහි වැඩවලට සම්බන්ධ නොකර ගත යුතු බවට යෝජනා වි ස්ථීර වී තිබෙන පුද්ගලයන්ටත් ගෙවා තිබෙන බවට වාර්තා වෙනවා.විසුරුවන ලද රගර් සම්මේලනයක් තිබියදී මේ කාරණාවන්ට මැදිහත් වුණේ විසුරුවන ලද රගර් සම්මේලනයේම සභාපති නලින් ද සිල්වා ය.

ඔහුට පෙර සිටම තිබෙන පවුම් 50000 දඩයට යටත් කාරණාවල සිට වර්ථමානයේ විසුරුවන ලද පරිපාලනයේ සිට විසිරීමෙන් පසුව පරිපාලනයට සම්බන්ධ කර ගැනීම ගැන ඇසූ විට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ එය අමාත්‍යවරයා සහ ලෝක රගර් සම්මේලනය අතර සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස පැමිණ ඇති බවය.තමන් ඊට සම්බන්ධ නැති නිසා ඔහු ඒ දක්වා වන තොරතුරු ක්‍රියාවට නැංවීමට ලෝක රගර් සම්මේලනය කළ ඉල්ලිමක් අනුව පත් කරන්නට යෙදුණ බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අදහසය.ක්‍රීඩා පනත රටේ ක්‍රීඩා නීතියට අදාළව ඇමතිවරයාට එයින් ඇති බලතල යොදා කුමන හෝ සංගමයක් සංවිධානයක් ඉවත් කිරීම රගර් පාලනය අත්හිටුවීමෙන් කළ ඇත.එවිට එසේ නීතියෙන් ලැබෙන ප්‍රතිපාදන මත පුද්ගලයෙක් ඉවත් කළ පසු,යළි එම වරද හෝ අතපසුවීම නිවැරදි කරගෙන හෝ අලුත්ම මොහොතක ඊට සම්බන්ධ කර ගැනීම නීතිය යම් කිසි ආකාරයකට අවමානයට ලක් කිරීමක් නොවන්නේද?එම පත් කිරීම මෙන්ම වගකීම භාර ගැනීම කොතරම් දුරට සදාචාරාත්මකද?

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මැදිහත්වීම වැදගත් වන්නේ එවැනි අවස්ථාවකදීය.ලෝකයට හෝ ආසියාවට අවශ්‍යය ආකාරයට රටේ ක්‍රීඩා පණත ප්‍රකාරව කළ දෙයක් නොසළකා සිටින්නට නොහැකිය.එය භයානක තත්ත්වයක්ය.
මේ ආකාරයට සාකච්ඡාවට අදහස් දැක්වීමට ඉදිරිපත් නොවුණ නිසා හිටපු සභාපතිවරයෙක් වූ රිස්ලි ඉල්ලියාස් සමඟ පෞද්ගලිකව ඇති කර ගත් ආරවුලක් ආසියානු සම්මේලනය සහ ශ්‍රී ලංකා රගර් අතර අවුලක් බවට පත් කර ගෙන ආසියානු රගර් සභාපතිවරයා ලංකාවේ අමාත්‍යවරු සහ නිලධාරි දණ ගස්වන්නට පටන් ගත් ආකාරය තවම නවත්වා නැත.ඔවුන් යටතේ රටේ ඇමතිවරු ද,රගර් කේෂ්ත්‍රෙය් සිටින අනුන්ගේ කුණු රජ බොජුන් සේ වළදා කුස් පුරවා ගන්නට හුරු වූ අය ද,ඉහළ නිලධාරීන් ද,රටේ නීතියටත් වඩා ආසියානු සභාපතිවරුන්ගේ උවමනාව ඉටු කිරීම සැපතකට පෙරළා ගනිමින් ඇත.

රිස්ලි ඉල්ලියාස් ඇති වූ පුද්ගලික ගැටුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රගර්වලට එරෙහිව ගනු ලබන ක්‍රීයාමාර්ගවලට විරුද්ධව සටන් කළේය.එම සටන් වර්ණනා කරන්නට අහම්බෙන් ඔළුව උඩට වැටුණු සභාපතිකම එන්නට පෙර ඉල්ලියාස්ගේ උප සභාපති ලෙස මාධ්‍ය ඉදිරයේ ආසියාවට එරෙහිව රස කතා කීවේද නලීන් ද සිල්වා ය.ඉල්ලියාස්ගේ නික්ම යාමත් සමඟ වෙනත් ගෙදරකට හදන්න ගිය බලු පැටියෙක් වගේ ආසියානු සභාපතිගේ පැත්තේ සිට අනිත් පැත්තට බුරන්න පටන් ගත්තේය.
කණගාටුදායකම සිද්ධිය රටේ රගර් වෙනුවෙන් එරට රගර් සම්බන්ධයෙන් සභාපතිවරයෙක් ආසියානු සභාපතිගේ හැසිරීමෙන් රටට අවාසියක් සිඳුවන බවට සටන් කොට ආසියානු සභාපතිවරයාගේ උදහසට ලක් වෙද්දී,ශ්‍රී ලංකාවේ දේශපාලකයින්,අමාත්‍යංශ නිලධාරීන් සියල්ල එම චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කර තීරණය ගන්නැයි කීම වෙනුවට ආසියානු සභාපතිට අවශ්‍ය පරිදි පහර දෙන්නට කඩුව මැද ගන්න මුවහත් කර ගැනීමට ගල වීමය.
එසේ තරගකාරී වූ ආසියානු සභාපතිවරයා ද,ඒ හරහා ලෝක සම්මේලනයද පිනවන නැටවෙන රූකඩවල කොදු නාරටි නැත.එබැවින් ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව මෙරට සහ නොරට ලෙස එක් වූ අශුද්ධ සංධාන තමන්ගේ අභිමතය පරිදි වෙනස් කරමින් ඇත.රටේ රගර් පවතින හැටි තීරණය කරන්නට ව්‍යවස්තාවක් ඇත.ඒ එකඟතා අනුව කටයුතු නොකර ආසියානු සම්මේලනය තමන්ට හිතවත් ලාංකිකයන් සමඟ එකතු වී සහ ඇමති සමඟ එකඟ වී ඒ හිතවතුන්ගේ උපදෙස් අනුව ලංකාවේ රගර් පාලනය කරන්න හදපු ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මකය.ඒවාට අනුව නිලධාරීන් ද ඇමතිවරු ද තාළ වාදනයටත්,තමන්ට අවශ්‍යය පුද්ගලයින් රුකඩයටත් අන්දවා නැටවීම මේ වන විට කරගෙන යමින් ඇත.

ඒ තත්ත්වය තුළ රගර් කිසිඳු වගකීමක් නැතුව කවුරුන් හෝ පත් කරන ලද කොමිටි මඟින් දුවන බව කියයි.ලැබුණු අනුග්‍රාහක මුදල් වියදම්ය.එහෙත් දන්නේ වියදම් වූ බව කියන්නටය.වියදම් වූ හැටි කියන්නට දන්නේ නැත.ඒ නිසා රගර් මේ වෙලාවේ මැනුවෙල් නැත.දුවන්නේ ඔටෝය.කවුරුන් හෝ අදෘශ්‍යමානව ඔය මුදල් සංසරණය වීම වැනි කාරණාවලට ගියර දමන්නට ඉන්න බව සැක නැත.එසේම රටේ රගර් මැරෙමින් පවතිද්දි ආසියානු සහ ලෝක ව්‍යාපාරයක් විදිහට ගස් සිටුවීම ද කෙරෙමින් පවතියි.මේවා කරවන්න පත් කර ඇත්තේ කවුද?එසේ පත් කරන්නට ඉඩ ඇද්ද – සාදාචාරාත්මකද යන,ඒවාට යම් මුදලක් ලැබෙනවාද ඒවා ඇත්ත ද යන කරුණුවලට පිළිතුරක් නැත.

ඇත්තේ එකම නිල නිවේදනයකි.ඒ ගැසට් නිවේදනය ය.එහි වගකිවයුත්තා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ය.ඇමති කි දේ,ලේකම් කී දේ ට ඔහු විරුද්ධ නොවුණා හෝ විරුද්ධ වෙන්නට හැකියාවක් නොතිබුණා හෝ දැන් වී ඇත්තේ තාවකාලිකව පැමිණි දේශපාලකයා නික්ම යාමය.රාජ්‍ය නිලධාරියා ලෙස කළ දේ ගැන වගකීම් පැවරි ඇත්තේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ය.ඒ නිසා මේ ආකාරයට රගර් යනු කිසිඳු තරගයක් නැතුව ගිණුමේ මුදල් හිස්වන,බලධාරියා විසින් නම් නොකළද එසේ ප්‍රසිද්ධ වන කමිටුවක් වෙත වගකීම් පැවරුණු,අනුග්‍රාහකයන් සොයා එන රගර්වල අවසානයේ අවාසනාව කර පිට තබා තල්ලු කිරිමේ වගකීම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මත වැටෙනු ඇත.

ලංකාවේ ඇමතිවරු සමහර විට තමන් දේශපාලනයට පිවිසෙන්න පෙර පෞද්ගලික ජිවිතයේ තමන්ට ඉහළින් සිටි පිරිස් පිනවන්නට වගකීම් පවරන්නට රජයේ නිලධාරීන්ව මෙහෙයවන අවස්ථා ඇත.සමහර විට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හිර වී ඇත්තේ එවැනි ගැටයකට වන්නට ද ඉඩ ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan