ජපානයේ නව අගමැතිවරයා හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) නායකයා ලෙස නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට ප්‍රථම ෂිගෙරු ඉෂිබා හදිසි මැතිවරණයක් කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අද(27) දිනයේ පැවැත්වෙන නව මැතිවරණය හරහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් තෝරා පත් කර ගැනීම සිදු කෙරෙන අතර මේ වන විට ඉෂිබාගේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) මහජන සහයෝගය අඩුවෙමින් පවතින බවත් පක්ෂය අපකීර්තියට පත්ව ඇති බවත් වාර්තා වේ.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙවර මැතිවරණය මඟින් විපක්ෂයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (CDPJ)ට සැලකිය යුතු අසන සංඛ්‍යාවක් හිමිවනු ඇති බවයි. හිටපු අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පසුගිය අගෝස්තු මාසයේදී ඉල්ලා අස්වීමට තීරණය කිරීමෙන් පසු පාලක පක්ෂය විසින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු දිගු කලක් කටයුතු කළ ෂිගෙරු ඉෂිබා අගමැති ධුරයට පත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...