කොළඹ LNW:පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට විදෙස් ප්‍රේෂණ ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව මෙරට විදෙස් ප්‍රේෂණ 11.5%කින් ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ දැනට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 4,843.3ක් බව සඳහන්.
පසුගිය සැප්තැම්බර් මස විදේශ ප්‍රේෂණ ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 555.6ක් ලැබී තිබේ.
එය පසුගිය වසරේ ලැබුණු ඩොලර් මිලියන 482.4ක විදේශ ප්‍රේෂණ සමඟ සසදා බැලීමේ දී වාර්තාගත ඉහළයාමක් බවයි මහ බැංකුව පෙන්වාදෙන්නේ.
ඉදිරියේදී මෙම තත්ත්වය තවත් වර්ධනය වනු ඇති බව ද මහ බැංකුව අපේක්ෂා කරයි.
ආශිකා බ්‍රාහ්මණ