ධාවන පථයෙන් පිට දුවන සූරයා සූරිය තේරීම නොවැම්බර් 3 දා අවසන් වේ.

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 28,(LNW) කොළඹ :

දැන් ලෝක මලල ක්‍රීඩා සමාජ මාධ්‍ය වේදිකාවල විවෘතව පවතින ධාවන පථයෙන් පිටත ධාවනයේ සූරයා සහ සූරිය තේරීමට ඡන්දය ප්‍රකාශ කිරීම නොවැම්බර් 3 දා අවසන් වීමට නියමිතව ඇත.මෙම සම්මානය සඳහා නිර්දේශ 2024 ඔක්තෝම්බර් 14 නම් කරන ලද අතර ඔක්තෝම්බර් 21 වන දින සම්මාන සඳහා ඇගයෙන අවසාන නම් ප්‍රකාශයට පත් කළේය.
ලෝකයේ මලල ක්‍රීඩා ධාවන පථයෙන් පිටත ධාවන තරගවලදී 2024 වසරට අදාළව දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන් පස් දෙනෙක් සහ ක්‍රීඩිකාවන් පස් දෙනෙක් නම් කරන්නට මේ අනුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන ඇත.ගෙවුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙන්ම ලොව පුරා ධාවන පථයෙන් පිටත පවත්වන ප්‍රමුඛ ධාවන තරගවල දක්ෂතා ද මෙම ක්‍රීඩික ක්‍රීඩිකාවන් නම් කිරීමේදී සැළකිල්ලට භාජනය කර තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන් එසේ නම් කිරීමට හේතු වූ දක්ෂතායි.


කාන්තා
සුටිමේ අසෙෆා (Sutume Asefa Kebede) ඉතියෝපියාව

  • ටෝකියෝ මැරතන් ජයග්‍රාහිකාව
  • 2024 දෙවන හොඳම මැරතන් කාලය

රූත් චෙපින්ගෙටිච් (Ruth Chepngetich) කෙන්යාව

  • ලෝක මැරතන් වාර්තාව
  • චිකාගෝ මැරතන් ජයග්‍රාහිකාව

සිෆාන් හසන්, නෙදර්ලන්තය

  • ඔලිම්පික් මැරතන් සූරිය
  • ඔලිම්පික් වාර්තාව

ටිගිස්ට් කෙටෙමා (Tigist Ketema) ඉතියෝපියාව

  • බර්ලින් මැරතන් ජයග්‍රාහිකාව
  • ඩුබායි මැරතන් ජයග්‍රාහිකාව

ඇග්නස් ජෙබෙට් එන්ගෙටිච්, කෙන්යාව

  • ලෝක කිලෝමීටර් 5 සහ කිලෝමීටර් 10 වාර්තා
  • ලෝක අර්ධ මැරතන් මුල් තැන

පිරිමි
යොමිෆ් කෙජෙල්චා, ඉතියෝපියාව

  • ලෝක අර්ධ මැරතන් වාර්තාව
  • ලෝක කිලෝමීටර් 10 ඉදිරියෙන්

ජේකබ් කිප්ලිමෝ, උගන්ඩාව

  • ලෝක හරස් රට සූරතා රන්
  • වැලෙන්සියා 10km ජයග්රාහකයා

බෙන්සන් කිප්රුටෝ, කෙන්යාව

  • ටෝකියෝ මැරතන් ජයග්‍රාහකයා
  • ඔලිම්පික් මැරතන් ලෝකඩ

බ්‍රයන් ඩැනියෙල් පින්ටාඩෝ, ඉක්වදෝරය

  • ඔලිම්පික් කිලෝමීටර් 20 ඇවිදීමේ සූරයා
  • ඔලිම්පික් මැරතන් ධාවන පාගමන මිශ්‍ර රිලේ රිදී

Tamirat Tola, ඉතියෝපියාව

  • ඔලිම්පික් මැරතන් සූරයා
  • ඔලිම්පික් වාර්තාව

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

කොළඹ LNW:ඇමරිකන් - ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින්...

පුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි!

කොළඹ LNW:පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය...

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...