2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාතුවට කැබිනට් අනුමැතිය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට 2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාතුව M/s OQ Trading Limited සමාගමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම සැපයුම් කොන්ත්‍රාතුව සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර යටතේ ලංසු කැඳවා තිබුණු අතර ඒ සඳහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte. Ltd. යන ආයතන දෙක පමණක් ලංසු ඉදිරිපත් කර තිබේ.

තාක්ෂණ ඇගයීමේදී M/s Siam Gas Trading Pte. Ltd. විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ප්‍රතික්ෂේප වී ඇත.

ඒ අනුව තාක්ෂණි ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සාරානුකූල ලංසුකරු වන M/s OQ Trading Limited වෙත අදාළ කොන්ත්‍රාතුව පිරිනැමීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

67000ක් සංචාරකයින්ට සීරීමක්වත් වුණේ නෑ. ලබන වසරේ අපේ ආදායම් ඉලක්කය බිලියන හතරක්!

කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් පසු නැවත සංචාරක කර්මාන්තය ආරම්භ වී...

නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට...

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය...