ගෝටාගෝගම කියන්නේ තරුණ තරුණියන්ගේ ගේ ෆැන්ටසි රාජ්‍යයේ හැඩයයි – හඳගම

Date:

සයිමන් නවගත්තේගම ගේ ක්ෂීර සාගරය කැළඹීනි නවකතාවේ, ඇමති, පුරෝහිතයින් ගේ ලනු ගිලලා රට සෞභාග්‍යයෙන් පිරිලා ඉතිරිලා කියලා රැවටිලා හිටිය රජ්ජුරුවෝ එහෙනම් මොන බම්බුවට ද ජනතාව කැරලි ගහන්නේ කියලා බලන්න වෙස් වලාගන ගම් දනවු වල ඇවිදින්න ගියාම තමයි තේරුනේ ජනතාව හොම්බෙන් යන බව. තමන් ජනතාවගෙන් එකෙක් නම් තමනුත් මේ රාජ්‍යයට විරුද්ධව කැරලි ගහනවා නේද කියලා වටහාගත්ත රජ්ජුරුවෝ කැරලි කරුවන් ට එකතු වෙනවා.

බැරි වෙලාවත් ගෝටා වෙස් වලාගන ගෝටා ගෝ ගම පැත්තේ ගියොත් ෂුවර් එකටම එයත් කළු කොඩියක් වන වන ගෝටා ගෝ හෝම් කියනවා. (දැනටමත් ඉන්නවද දන්නේ නැහැ ).

ගෝටා ගෝ ගම කියන්නේ තරුණ තරුණයින් ගේ ෆැන්ටසි රාජ්‍යයේ හැඩය. එහි ආගම් නැත්තේ නැහැ. හැම ආගමක් ම තියෙනවා. එකිනෙකාට එරෙහිව යන්නේ නැතිව සහයෝගයෙන්. නිරාගමිකත්වයත් තියෙනවා. සටන් කාමීත්වය තියෙනවා. සහෝදරත්වය තියෙනවා. විරෝධය තියෙනවා. විනෝදයත් තියෙනවා. සෞන්දර්යය තියෙනවා. සමානාත්මතාව තියෙනවා. උද්යෝගය තියෙනවා.

ජාතීන් ඉන්නවා. ජාති වාදය නැහැ. විවිධ වෘත්තිකයින් ඉන්නවා. පන්ති බේදය නැහැ. දේශපාලනය තියෙනවා. පක්ෂ නැහැ.

මේ අද තරුණ පරම්පරාව අපේක්ෂා කරන සිහින රාජ්‍යයේ මුලික ලක්ෂණ. අපේ මෑත ඉතිහාසයේ මේ දුෂ්කර මොහොත තුල ඔවුන් දකින්නේ ඒ සිහිනයයි. ඒ සිහිනය යතාර්ථයක් කරගැනීම වෙනුවෙන් හැම යුගයකම තරුණ තරුණයින් මිය ගියා.

ඔවුනට කන් දෙන්න. ඔවුන් දකින සිහිනය සුන්දරයි. ඒ සිහිනය දකින්න ඔවුනට අයිතියක් තියෙනවා. මේ ඉල්ලීම් මානුෂිකයි. මේ මානුෂික ඉල්ලීම් වෙනුවෙන් තරුණ තරුණයින් මිය යා යුතු නැහැ.

  • අසෝක හඳගම

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...