අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස නම්කරයි!

0
185

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ (LNW):

අද (03) දිනය මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස  නම් කර ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ , අද උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිනු ලබන බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ , අද දිනයේ ලිපි බෙදීමේ කාර්යාල 2090 ක් විවෘතව තැබෙන බවයි .

ලිපි බෙදීම සඳහා කාර්ය මණ්ඩලයේ 8000ක් අනියුක්ත කර ඇති බව සඳහන් වන අතර, නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම ලබන 07 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇත.