ලොහාන්ගේ බිරිඳත් රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මිය ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල අධිකරණය නියෝග කර තිබේ.

ඇයව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතවන්නේ අංක තහඩු නොමැති මෝටර් රථයක් මිරිහානේ පිහිටි ඇයගේ නිවසින් සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසියට හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදුකර තිබූ අතර ඒ අනුව ඇය අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් රත්වත්තේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායිකාව වාහන සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

එහෙත් අධිකරණය කරුණු ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ ලොහාන් රත්වත්තේ මහතා අසනීප තත්ත්වය හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද 90%ක් ගණන් කර අවසන් – ඊශ්‍රායල මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයෙක් නැහැ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ඊශ්‍රායල මහ...

වැසි තත්වයේ ලොකු වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 29) දිනයේදී බස්නාහිර සහ...

අස්වැසුම නව ක්‍රමවේදය යටතේ පවුල් ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් ඉවතට

සටහන - රුවන් නෙළුගොල්ල "අස්වැසුම" ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය...

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...