*
Monday, November 25, 2024
spot_img

Latest Posts

ඉතිහාසයේ පළමු වරට අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කළා!

කොළඹ LNW:දැන් අවශ්‍ය වන්නේ බඩගෝස්තරවාදී පාලනය වෙනස් කර සැබෑ ජනතාවාදී පාලනයක් බිහිකිරීම බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

වසර පහක් ඉලක්ක කරගෙන සැලසුම් සහගතව ගෙනයන ආර්ථික,දේශපාලන වැඩපිළිවෙලක් සති පහකින් අවසන් කිරීමට නොහැකි බව ඕනෑම කෙනෙකුට වැටහෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

”මෙතෙක් කල් විධායක බලය හෙබවූයේ එක්කෝ ධන බලයෙන් නැත්නම් පවුල් බලයෙන්, පරම්පරා දේශපාලන හයිහත්තියෙන් තමයි අපේ රටේ විධායකය හොබවනු ලැබුවේ. පළමු වතාවට අපේ පන්තියේ කෙනෙක් දුක්විදින,තැලෙන,පෑගෙන,පොඩි වෙන මිනිස්සුන්ගේ නායකයෙක් අපේ රටේ දේශපාලන නායකත්වයට පත්වුණා. ඒ වෙනුවෙන් ඔබ විශාල කැපකිරීමක් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔබත් ජයග්‍රහණය කළා,රටත් ජයග්‍රහණය කළා. අද අපි ඒ ජයග්‍රහණය බුක්ති විදිමින් තමයි ඊළඟ සටන ආරම්භ කරලා තියෙන්නේ. අවුරුදු 76ක් වෙච්ච මේ පරණ පාලන ක්‍රමයේ අපේ රටේ සංවර්ධනය ඉස්සරහට ගියේ නැහැ. තිබුණු ආර්ථිකයත් කඩන් වැටුණා. බංකොලොත් වුණා. දැන් අපිට ඕනේ බඩගෝස්තරවාදී පාලනය වෙනස් කරලා සැබෑ ජනතාවාදී පාලනයක් මේ රටේ බිහිකරන්න. අවුරුදු පහක් අපි සැලසුම් සහගතව ගෙනියන ආර්ථික,දේශපාලන වැඩපිළිවෙල සති පහකින් ඉවර කරන්න බැහැ කියල ඕනෑම කෙනෙකුට තේරෙනවා. මේ රටේ ඉතිහාසයේ පළමුවෙනි වතාවට ඒ බොරු පාරාවළල්ලක් හදාගෙන හිටපු සංස්කෘතිය අපි වෙනස් කළා.” යනුවෙන් විජිත හේරත් මහතා තවදුරටත් කියාසිටියි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්තික් අපේක්ෂක අපේක්ෂිකවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගණේමුල්ලේ දී පැවති ජනහමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan