රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):
ප්‍රබල වාහන සමාගමක් වන නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගම සේවක කප්පාදුවක් සිදුකිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව, නිසාන් සමාගමේ සේවකයින් 9000කට පමණ රැකියා අහිමිවනු ඇති බවත්, මෙම සමාගමේ නිෂ්පාදන අලෙවිය ලොව පුරා පහළවැටීමත් සමග සේවක කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇති බවත් සඳහන් වේ.
නිසාන් සමාගමේ මෙහෙයුම් ලාභ පුරෝකතනය අනුව මෙම වසර තුළදී පමණක් එම සමාගමේ ලාභය සියයට 70කින් පමණ පහළ යනු ඇති බවට අනුමාන කෙරෙන අතර, සේවක කප්පාදුව හරහා සමාගමේ පිරිවැය ඉතිරිකර ගැනීමේ උත්සාහයක සමාගම නිරත වන බව වාර්තා වේ.
තවද, නිසාන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුපෙන් හරි අඩක් කපා හැරීමට තීරණය කර ඇති අතර අනෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වැටුප් ද කප්පාදුවකට ලක්වනු ඇති බවට සඳහන් වේ.