බ්‍රික්ස් සාමාජිකත්වය ලබාගැනීමේ අයදුම්පත ප්‍රතික්ෂේප වී නෑ – විදේශ කටයුතු අමාත්‍යාංශය

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):

ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ බ්‍රික්ස් සාමාජිකත්වය ලබාගැනීමේ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, බ්‍රික්ස් අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති බවට පළවන වාර්තා සාවද්‍ය හා ජනතාව නොමග යවන සුළු බවත්, එම වාර්තා ප්‍රතික්ෂේප කරන බවත්‍ ය.

මෙම වසරේ ඔක්තෝම්බර් 7 වන දින බ්‍රික්ස් හා නිව් ඩිවොලොප්මන්ට් බෑන්ක් හි සාමාජිකත්වය සඳහා අයදුම්පතක් යොමු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර,අනතුරුව අමාත්‍ය විජිත හේරත් මහතා  බ්‍රික්ස් සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ට ලිපියක් යොමු කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබාගැනීම සඳහා උනන්දුවක් දක්වන බවයි.

නිවේදනයේ දැක්වෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඒ සම්බන්ධයෙන් පුටින් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවයි.

තවද රුසියාවේ කර්සන්හි පැවති 2024 බ්‍රික්ස් සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ද ශ්‍රී ලංකාවේ ඇති අවශ්‍යතාව සම්බන්ධයෙන් සාමාජිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර හිමිවූ බව එම නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම නිව් ඩිවලොප්මන්ට් බෑන්ක්හි සභාපතිවරයා ද ශ්‍රී ලංකාවේ අභිප්‍රාය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා ඇති අතර, ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් රැසක් බ්‍රිකිස් සාමාජිකත්ව ලබාගැනීම සඳහා යොමුකළ අයැදුම්පත්‍ර නියමිත කාලය තුළදී සාමාජික රටවල් සළකා බැලීමට ලක්කරන බවද විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනයේ දැක්වෙයි.

තවදුරටත් විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නොවැම්බර් මස 6වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දෙන සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය වැරදි ලෙස නිරූපණය කරමින් මෙම අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ දකුණ පෙරමුණ ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන යූත්...

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයකට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම...

වසර හතරකට පෙර මැකී ගිය ”දේදුන්න”

මංගල සමරවීර කියන දේශපාලනඥයා,මානවහිතවාදීයා, සෞන්දර්යවේදියා වගේම මගේ හෘදයාංගම මිතුරා...