ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ ප්‍රගතිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහමැතිවරණය නිමා වී දින දෙකකට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණෙන බවත් එවිට ඔවුන් සමග IMF වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය අවසන් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මේ වනවිට එය සම්පූර්ණයෙන් වගේ අවසන්, තව යම් ප්‍රමාණයක් තියෙනවා. 2028 දී තමයි අපි ණය ගෙවන්න පටන් ගන්නේ. 2028 දී අපි ගෙවිය යුතු ණය අපි ගණනය කරලා තියෙනවා. එම ණය පංගුව ගෙවිය හැකි ආර්ථිකයක් ආණ්ඩුවට හදන්න පුළුවන්. මහ මැතිවරණය නිමාවී දින දෙකකට පසුව IMF කණ්ඩායම ලංකාවට එනවා. එවිට අපි 3න් වන සමාලෝචනය අවසන් කරලා ජනවාරි අග, පෙබරවාරි මුල වෙනකොට ඒ කටයුත්ත අවසන් කරනවා. එවිට ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවර භාවයක් අපිට ලබාගන්න පුළුවන්.”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (11) පස්වරුවේ ගම්පහදී පැවති ජන රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...