*
Sunday, December 8, 2024
spot_img

Latest Posts

අද අනුර කුමාර ජනාධිපතිවරයා යන්නෙත් ගෝඨාභයගේ සහ රනිල්ගේ අඩිපාරේ – සජිත් ප්‍රේමදාස (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අප රටේ දරුවන්, ළදරුවන්, මව්වරුන්ගේ අවදානමට ලක්වූ සමාජයේ අසරණම කොටස් අන්ත අසරණ භාවයට පත් කරන තීන්දුවක් රජය ගෙන ඇති බවත් කාලයක් පුරා සෑම මසකම ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 16ක් රට පුරා වසර 5ට අඩු අඩු බර දරුවන්ට, නීරක්තියෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට බෙදන බවත් මව්වරුන් 664920ක් සහ දරුවන් 925172 කට මෙම සහනාධාරය දුන්නත් ජනාධිපතිවරණය ජය ගෙන දින 7ක් යාමටත් පෙර රජයේ ගැසට් එකක් හරහා ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්නට හෝ වෙනත් සමාගමකට පවරන්නට හෝ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය තීන්දු කර ඇති බවත් සැප්තැම්බර් 27 වැනිදා අංක 2403/ 53 දරණ ගැසට් නිවේදනය හරහා මෙය සිදුකර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ සමාගම සතුව විශාල නිෂ්පාදන ධාරිතාවක් ඇති නිසා සීරියල් ආහාරයක් නිෂ්පාදනය කර 2022 හැර සෙසු වසරවල මිලියන 500ක් මහාභාණ්ඩාගාරයට ලබා දී ඇති බවත් මෙය පාඩු ලබන ආයතනයක් නොව ලාභ ලබන ආයතනයක් බවත් පෙන්වා දුන් ඒ මහතා මෙසේ සමාගම ඈවර කරන්නට ගැසට් කර තිබියදී නිවේදන නිකුත් කර එවැනි දෙයක් නොවන බව පවසන බවත් එවැනි දෙයක් නොමැති නම් ගහපු ගැසට් එක රිවර්ස් කළ යුතු බවත් සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද ත්‍රිපෝෂ සමාගම පෞද්ගලීකරණය කිරිමට යන විට සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ ලොකු හඩක් නගා එය නැවැත්වූ බවත් දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යන්නේ ගෝඨාභය සහ රනිල්ගේ අඩිපාරේ බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැති රැළිය අමතමිනි.

එවක ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ වේදිකාවේ බඩු මිල, ආහාර මිල, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, තෙල් මිල, විදුලි බිල, බදු බර අඩු කරනවා කිව්වත් අද පොල් ගෙඩියටත් පෝලිමක් ඇතිව තිබෙන බවත් සහල් ටිකවත් දරාගත හැකි මිලකට ලබා නොදෙන බවත් අද වන විට ජනාධිපතිවරයා තෙල් මිල සූත්‍රයේ වහලකු වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මේවා අඩු කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නොවන බවත් විධායක ජනාධිපතිවරයාට එය පහසුවෙන් කළ හැකි බවත් අද වන විට ජනාධිපතිවරයා තෙල් මිල සූත්‍රයට පවා යට වී ඇති බවත් රාජ්‍ය සේවයේ වැටුප් මාස 6න් 6ට වැඩි කරනවා කිව්වත් අද ඒ සදහා මුදල් නොමැති බවට පවසන බවත් පාස්පෝට් පෝලිමට ද විසදුමක් ලබා දුන්නේ ඔන්ලයින් කිරීමෙන් බවත් මේ වන විට ඔන්ලයින් පෝලිම ඇති කළ ද පාස්පෝට් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

වත්මන් රජයේ IMF සාකච්ඡා වට දෙකම අද අසාර්ථකයි

බදු බර අඩු කරනවා කියු වත්මන් ජනාධිපතිවරයා IMF එක සමග සාකච්ඡා වට දෙකකට ගියත් ඒ සියල්ල අසාර්ථක බවත් ඔහු IMF එක ඉදිරියේ සිරකරුවකු වී ඇති බවත් මේ ජනාධිපතිවරයාට මේ ගිවිසුම වෙනස් කරන්න නොහැකි වුණාට සමගි ජන බලවේගයට එම හැකියාව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මෙහෙම ගියොත් නම් 2028 ණය ගෙවන්න බැරි වෙනවා.

තවත් වසර 4කින් ණය ගෙවන්න සිදුවන බවත 2033 ණය ගෙවන්න තිබූ අවස්ථාව 2028 දක්වා හිටපු ජනාධිපතිවරයා අඩු කර ඇති බැවින් 2028 වන විට ණය ගෙවිය හැකි ආර්ථික තත්ත්වයක් ඇති කර ගත යුතු බවත් එසේ නොවුවහොත් 2028 දී ද නැවතත් බංකොලොත් වන නිසා නව ගිවිසුමක් කරා යා යුතු බවත් පැවසූ ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම අයි එම් එෆ් එකත් සමග සාකච්ඡා කර අවබෝධතා රැසකට එළැඹුණු බවයි සඳහන් කළේ.

උසස්පෙළ සිසුන්ට අද සාධාරණයක් ඉටු වෙලා නැහැ

පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර එළියට ආව සිදුවීමේදී ද එම දෙමාපියන් අන්දවා රවට්ටවා අනාථ කර දැමූ බවත් එම දෙමාපියන් දැන් රජයේ පිහිට නොමැති වූ නිසා අධිකරණයේ පිහිට ද පතන බවත් ඊට අමතරව විෂය නිර්දේශය ආවරණය නොකරන උසස් පෙළ විභාගය පවත්වන්නට යන බවත් ඊට අමතරව පාසල් දරුවන්ට ලබා දෙන දිවා ආහාරය ද මේ වන විට ප්‍රාථමික සිසුන්ට ලබාදීමට ද මුදල් ලබා නොදෙන තත්ත්වයක් මතුව තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan