හැම පුරවැසියෙක්ම ඡන්දය පාවිච්චි කරන්න – ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයෙන් ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:මෙවර මහ මැතිවරණයේ දී සෑම පුරවැසියෙක්ම තම පරම අයිතියක් වන ඡන්දය අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ලෙස ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහනායක කිංස්ලි වීරසිංහ දේවගැතිතුමා පැවසූහ.

පසුගිය ජනාධිපතිවරණයත් මෙවර මහ ඡන්දයත් ඉතාම සාමකාමීව පැවැත්වීමට ක්‍රියා කළ සියලු දෙනාටම සමස්ත රටේ ගෞරවය හිමිවන බවයි දේවගැතිතුමන් සඳහන් කළේ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද (13) ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එසේම මෙවර මහමැතිවරණයේ දී තම නියෝජිතයන් තෝරා ගැනීමේ දී චෝදනා රහිත,පළපුරුදු පරිණත අය සේම උගත් බුද්ධිමත් තරුණ පරපුර දෙස ද අවධානය යොමු කරන ලෙසත් වි⁣ශේෂයෙන් කාන්තා නියෝජනය ගැන අවධානය යොමු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

නොසලකා හැරීමට ලක් වී ඇති ජනතාව ගැන, ප්‍රතිසංධානය ගැන, පරිසරය ගැන ගැඹුරින් සලකා බලන අය මෙවර පාර්ලිමේන්තුවට තෝරා යැවීමට ද ජනතාව අවධානය යොමු කළ යුතු බව එහිදී දේවගැති ආචාර්ය ක්‍රිසෝ කුමාර් හැන්ඩි දේවගැතිතුමා පැවසූහ.

මෙහි දී ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම් සුජිත සිවඥානගම් පියතුමා ද එම මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරක රැල්ස්ටන් වයමන් මහතා ද ලංකා සභාවේ කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු පියතුමා ද අදහස් දැක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...