තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දකුණු කොරියාවට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW):

ඊයේ (12) දින,දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 886 වන කණ්ඩායම ලෙස තවත් තරුණයින් 114 දෙනෙකු සහ තරුණියන් 08 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත.

2024 වසරේ ගතවූ කාලය තුළදී ශ්‍රී ලාංකිකයින් 5120 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිශ්පාදන ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා 4384 දෙනෙකුද, ධීවර ක්ෂේත්‍රය සඳහා 721 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 14 දෙනෙකුද පිටව ගොස් තිබුණි.

මෙසේ පිටව ගිය තරුණයින් අතුරින් 3984 දෙනෙකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය පිරිස වන අතර, තවත් 719 දෙනෙකු දකුණු කොරියාවේ සේවය කර දිවයිනට පැමිණ යළිත් එරට සේවය සඳහා පිටව ගිය පිරිස (Re-entry) වේ. එසේම තවත් 417 දෙනෙකු Computer Base Test (CBT) ක්‍රමයට දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබුණි.

තරුණියන්ද දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවෙමින් පවතින අතර, ඒ අනුව තරුණියන් 102 දෙනෙකුද මෙම කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ.

එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රී ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...