ලෝක වෙළඳපළේ බොරතෙල් මිලෙහි වෙනස්වීමක්!

0
463

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW):

මේ වන විට ලෝක වෙළඳපළේ බොරතෙල් මිලෙහි වෙනස්වීමක් දකින්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව බව සඳහන් වේ. ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 68.03 ලෙසයි.

බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.89ක් ලෙස සටහන් වී තිබෙන අතර,පසුගිය සතියේ ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69. 49ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම මේ වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 73. 10ක් ලෙස සටහන් වී තිබෙන බව වාර්තා වේ.