සියළු මාධ්‍ය ආයතන වෙත රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්!

0
4940

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන , අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පරිපාලකයන් වෙත රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ, 2024 සැප්තැම්බර් 25 වන දා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධ මාධ්‍ය උපමානවලට අනුව කටයුතු කරන ලෙසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ , මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් ප්‍රතිඵල ප්‍රකාශ කරන තෙක් නිල නොවන ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.