අලි සබ්‍රි IMF ප්‍රධානියා හමුවෙයි. කඩිනම් මූල්‍ය සහායක් දෙන්නැයි ඉල්ලයි

Date:

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය හමුවී සාකච්ඡා කර තිබේ.

ඒ, ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන මූලස්ථානයේදීය.

එහිදී ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍ය සහායක් (RFI) ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීම් කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ එවැනි කඩිනම් මූල්‍ය සහාය ලබාදීම් තම මූල්‍ය සම්පාදන ක්‍රියාවලියේ සම්මත තත්වයෙන් බැහැර දෙයක් වන නමුත් තමන් ඒ පිළිබඳව ද සලකා බලන බවකි.

IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡා අද (19) සිට ලබන 24 වනදා දක්වා පැවැත්වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...