බහරේන්වලදි ආශිංසන සහ කාන්තා යුගලයත් අන්තිම අටට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 15,(LNW) කොළඹ :

මැනාමා හී පැවත්වෙන පහරේන් විවෘත බැඩිමින්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන කාන්තා කේවල ක්‍රීඩිකාවන් දෙදෙනාම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ආකාරයටම පිරිමි කේවල තරග අංශයෙන් ආශිංසන හේරත් ද,කාන්තා යුගල තරග අංශයෙන් ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා ද අර්ධ අවසන් පූර්ව තරග සඳහා පිවිස ඇත.


පිරිමි තරග අංශයේ අවසන් 16 අතර සිටි ආශිංෂන හේරත් ඉන්දියාවේ චාරින් නායක් කෙලාවතු සමඟ වූ තරගය තියුණු සටනකින් පසුව ජය ගැනීමට සමත් විය.ලකුණු 16-21,21-19 සහ 21-14 ක් ලෙස ලකුණු සටහන් වූ එම තරගයෙන් ආශිංෂන ජය ගැනීමත් සමඟ ඔහු අවසන් අට දෙනාගේ වටයේදී ඉරානයේ අලි හයාටි සමඟ තරග වැදීමට සුදුසුකම් ලැබුවා.කාන්තා යුගල තරගයේදී ඉසුරු සහ සිතුමි තරග වැද්නේ බහරේනය නියේජනය කළ නූර් ෆාර්ඩීන් හසන් සහ ෂයිනබ් අලි සොවයිඩ්ය.එම තරගය ඉතා පහසුවෙන් ඉසුරි සහ සිතුමි ලකුණු 21-1 සහ 21 -4 ක් ලෙස ජය ගන්නට සමත් වූ ඔවුන් දෙදෙනා අර්ධ අවසන් වටයේදී ලිස්බත් එල්ෂා බිනූ සහ නේහා සුසාන් බිජූ හමුවීමට නියමිතය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...