*
Friday, November 15, 2024
spot_img

Latest Posts

දිනුම කියන්නේ මෙන්න මේකට – හොල්ලන්න බෑ කියල හිතපු කැට තියපු තැන හෙල්ලුන හැටි!

කොළඹ LNW:2024 මහ මැතිවරණයේ සුවිශේෂීම ජන්ද ප්‍රතිඵලය ලෙස වාර්තා වුණේ යාපනය දිස්ත්‍රික්කයේ ජන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව යමින් වන්නි,ත්‍රිකුණාමලය,කල්මුණේ,නුවරඑළිය,බදුල්ල යන ප්‍රදේශයන්හි ජන්ද ප්‍රතිඵලය මෙරට දේශපාලන ඉතිහාසය වෙනස්කරන්නට සමත්ව තිබේ. මෙකි ප්‍රදේශවලට අධිපති දේශපාලකයින් මෙන්ම සින්නක්කරේටම ඒවා ලියාගෙන සිටි බවට තහවුරුවෙන් ගණන් හදමින් සිටි දේශපාලන ධාරාවන් කැළඹීමකට ලක්කිරීමට එම ප්‍රතිඵල සමත්ව තිබේ. දකුණ සෝදාගෙන යමින්ම කර තිබෙන ජයග්‍රහණයට වඩා මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන්නෙම බොහෝ දෙනාට අනුව නොසෙල්විය හැකි තැන් හොඳහැටි සොලවා තිබීම නිසාමය.

ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵලයට වඩා දීප්තියක් අද මහ මැතිවරණ ප්‍රතිඵලයට වැටී තිබෙන්නේම ඒ නිසාවෙනි.

යාපනය දිස්ත්‍රික්කය තුළ ජාතික ජන බලවේගය ජන්ද 80830ක් ලබාගෙන මන්ත්‍රී ආසන 03ක් ද දිනාගන්නේ එහි සම්ප්‍රදායික දේශපාලන බල කඳවුර දෙවැනි තුන්වැනි තැන්වලට පසුබස්වමිනි. එනයින් පිළිඹිඹු වන්නේ ජනතාව වෙලා සිටි අපේක්ෂාවන් ය. පසුගිය කාලය පුරාම දේශපාලන වේදිකාවට සීමා වී තිබූ ජනතාවගේ සතුට, අයිතිවාසිකම්, ජීවිතය ඔවුනගෙන් උදුරා ගෙන තිබීමත් ඒ නිසාම ඔවුන් එම පරිශ්‍රයෙන් ක්‍රමයෙන් ඉවත් වීමත් අද මහ මැතිවරණ ජන්ද ප්‍රතිඵලය විසින් සංකේතවත් කර තිබේ. නුවරඑළිය, බදුල්ල ජන්ද ප්‍රතිඵල විසින්ද කියනු ලබන්නේ සැබෑ ලෙසම ඔවුන් දේශපාලනය තුළ වෙනස් වෙමින් සිටින බවත් දේශපාලන සාක්ෂරතාව ඔවුන් වෙත කාන්දුවෙමින් තිබෙන බවත් නොවේද? එමෙන්ම මෙතක්කල් පැවති සැකය, අවිශ්වාසය වෙනුවට විශ්වාසය ජන මනස තුළ ගොඩනැගෙමින් තිබෙන බව නොවේද? භේදයකින් තොරව මිනිසුන් අපේක්ෂා කළ වෙනස මෙයයි. තවත් අතකින් මේ සංකේතවත් වන්නේ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටද ජනතාව තුළ පැවති අපේක්ෂාවයි.

විශේෂයෙන් උතුර තුළ සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා,ශ්‍රිධරන්ලා,මාවෙයිලා නොමැතිව රනිල්ට,සජිත්ට එහි ජයග්‍රහණයක් ගැන සිතිය නොහැකි වුවත් එකී දේශපාලනය අද ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාව විසින් වෙනස් කර තිබේ. ඒ අනුව උතුරේ සහෝදර ජනතාව වත්මන් රජය කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ සැබෑලෙසම ”පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” වෙනුවෙන් නොවේද? එහෙයින්ම ඔවුන් තරයේ වැළඳ ගැනීම මෙන්ම එම විශ්වාසය රැකීමද අද ජාතික ජන බලවේගය සතු පරම වගකීමය. උතුර නැගෙනහිර පමණක් නොව රටම අද මලිමාවට අවශ්‍ය බලය ලබා දුන්නේ එකී පොදු අරමුණෙනි. එහෙයින් මැතිවරණ ජයග්‍රහණ තුළ මෙතෙක් කාලයක් පැවති පෞද්ගලික පරමාර්ථ ඉටුකරගැනීම වෙනුවෙට අද එය පොදු අරමුණක් වෙනුවෙන් විතැන් වී තිබේ. ”පොහොසත් රටක්.ලස්සන ජීවිතයක්” තුළ සෑබ ලෙසම ජනතාව තුටින් වසනු ඇත. එකී පොදු මහජන බලාපොරොත්තුව එලෙසම රැකෙනු ඇතැයි හෙට දවස වෙනුවෙන් අද මැතිවරණ ප්‍රතිඵලය දෙස බලමින් සමස්ත රටක් අපේක්ෂාසහගතව පසුවෙයි. එය යතාර්ථයක් කිරීම ජනාධිපති ප්‍රමුඛ නව ආණ්ඩුවට භාරය. ඊට අවශ්‍ය සහය පොදු ජනතාවගෙන් නොඅඩුව ලැබෙන බවද මැතිවරණ ප්‍රතිඵලය විසින් පෙන්වා දී ඇති හෙයින් දැන් මාලිමාවට ජනතාවත් සමඟම එකමිටට කෙළින්ම වැඩට බැසිය හැකිය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan