*
Friday, November 15, 2024
spot_img

Latest Posts

කුරුල්ලන් සැරිසැරූ දනව්වක් “නිර්දේශපාලනීකරණය” කරන මුවාවෙන් රිපබ්ලිකානුවන්ගේ නිල වෙබ්අඩවිය බවට පත්කළ හැටි!

සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 15,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: දැන් “X” ලෙස හැඳින්වෙන එකළ නීල අහසේ පියෑඹූ කුරුල්ලා දැන් නිවාස අඩස්සියක සිරවී සිටී. එහි නව උරුමක්කාරයා වන එලොන් මස්ක්ගේ නව මානයක් සොයා ගිය ගමනේ දැන් දේශපාලන ප්‍රචාරණ සමාජ මාධ්‍ය උපායමාර්ගික වේදිකාවක් ලෙස භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් සැලකිය යුතු අවධානයක් යොමුව පවතී. 

දේශපාලන අන්තර්ගතයන් උඩුගත කරන සහ පුළුල් දේශපාලන ව්‍යාපාර සමඟ පෙලගැසෙන විවාදයන් දිරිගැන්වීම සඳහා වේදිකාව නැවත සකස් කරන එකක් ලෙස මස්ක්ගේ සමාජ මාධ්‍ය ප්‍රවේශය විස්තර කළ හැක. මෙය සමාජ මාධ්‍ය සදාචාරය සහ දේශපාලන ක්‍රියාකාරීත්වය අතර පවතින රේඛා බොඳ කිරීමක් ලෙස ඇතැමුන් දකින අතර, ගහෙන් ගෙඩි එනවා සේ, ප්‍රතිපත්ති වෙනස්වීම් සහ “X” වේදිකාවේ ඔහුගේ පෞද්ගලික මැදිහත්වීම තුළින් ඒ පිළිබඳ මනාව උලුප්පා පෙන්වයි.

භාෂණයේ නිදහස ඕනවටත් වඩා තියෙන මස්ක්ට ගිය සමාජ මාධ්‍ය වේදිකාව තුළ පරුෂ වචන වුවද හරි සිම්පල් ය.

අන්තවාදී හෝ අතිශයින් නුසුදුසු අන්තර්ගතයන්ට සම්බන්ධ සමාජ මාධ්‍ය වේදිකාවෙහි ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉවත් කරන ලද හෝ තහනම් කරන ලද ගිණුම් යළි පිහිටුවීම ද මස්ක්ගේ සදාචාරයේ කොටසක් විය. එපමණක් නොව දැන් “X” යනු දේශපාලනයට ද කඩේ යන තැනක්ව හමාරය.

මස්ක්ගේ “X” බොහෝ විට දේශපාලන ස්ථාවරයන් ගනී, මහජන මතයට සෘජුවම බලපෑම් කරයි, සමාජ මාධ්‍ය වේදිකා හිමිකරුවෙකු සඳහා මෙම මැදිහත්වීමේ මට්ටම නම් ඕනෑවටත් වඩා වැඩි වන අතර සමාජ මාධ්‍ය වේදිකාව ඇතැම් දේශපාලන මතවාදයන්ට සහාය දක්වන බවට මතයක් ද වර්තමානය වනවිට නිර්මාණය කරයි. 

නිදසුනක් වශයෙන්, මස්ක් දේශපාලන චරිත සමඟ සම්බන්ධ වීම සහ රජයේ ප්‍රතිපත්ති, ප්‍රකාශනයේ නිදහස වැනි කරුණු පිළිබඳව දේශපාලන පොරපිටියේ මුල් තැනක් ගැනීමට ද සමත්ව තිබේ. 

මෑතකදී කැපී පෙනුන අලුත්ම සංදර්ශනය නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා “X” ඉත්තෙකු කර ගැනීමයි. ට්‍රම්ප් මහජනයා සමඟ සෘජුව සම්බන්ධ වීමේ සහ ට්වීට් හරහා සම්ප්‍රදායික මාධ්‍ය නාලිකා මඟ හැරීමේ කලාව ප්‍රගුණ කළේ හරි ලස්සනටය. මෙමගින් ඔහුට ඔහුගේ ප්‍රචාරක පණිවිඩ පැතිරීමට, එකිනෙකාව දැනුවත් කරමින් ප්‍රවෘත්ති වල ආධිපත්‍යය දැරීමට ද ඔහුට හැකි විය. ප්‍රේක්ෂකයින් බලමුලු ගැන්වීමේ සහ ඔවුන්ගේ අදහස් වලට බලපෑම් කිරීමේ සමාජ මාධ්‍ය තුළ බලය පෙන්වීමට ට්‍රම්ප් හරි හරියට කටයුතු කළේය.

ඒ හා සමානව, මස්ක්ගේ X හි පෞද්ගලික දේපලක හැඩය පෙන්නුම් කරන්නේ බලගතු පුද්ගලයින්ට කඩේ යෑමත් ඒ සඳහා වේදිකාව භාවිතා කළ හැකි ආකාරයත් පෙන්වා දෙමිනි.

මහජන මතයට බලපෑම් කරන සහ යම් යම් දේශපාලන ස්ථාවරයන් සමඟ පෙළගස්වන දේශපාලන චරිත සහ ප්‍රතිපත්තිවලට ඔහුගේ සහයෝගය මෙන්ම විවේචනයන්ට ද හඬ අවදි කිරීම මස්ක්ගේ දේශපාලනික පෞද්ගලිකත්වය ඉස්මතු කරයි. 

මස්ක් නිතරම ඡන්ද විමසීම් වලට අදාල Poll පවත්වන අතර, ට්‍රම්ප් සමඟ සබඳතා පවත්වා ගැනීමට සහ ඔහුගේ ආධාරකරුවන් සමඟ කටයුතු  කිරීමට ඔහු ඔහුගේ වේදිකාව භාවිතා කර තිබිණි.

හැබැයි කඩේ ගියාට මස්ක්ටනම් පාඩුවක් වී නොමැත.

එක්සත් ජනපදයේ නව ජනපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, එලොන් මස්ක් සහ විවේක් රාමස්වාමි ඔහුගේ දෙවන පරිපාලනයේදී නව රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුව මෙහෙයවනු ඇති බවයි.

ඔන්න මස්ක්ට පට්ටමක්! 🙂

“මෙම ඇමරිකානුවන් දෙදෙනා එක්ව, රජයේ නිලධර විසුරුවා හැරීමට, අතිරික්ත රෙගුලාසි කප්පාදු කිරීමට, නාස්තිකාර වියදම් කපා හැරීමට සහ ෆෙඩරල් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට මගේ පරිපාලනයට මග සලසනු ඇත,” ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ට්‍රම්ප් සැප්තැම්බර් මස මුලදී ඔහු විසින් එළිදක්වන ලද නව ආර්ථික සැලසුම්වල කොටසක් ලෙස රජයේ කාර්යක්ෂමතා පිළිබඳ කොමිසමක් නිර්මාණය කිරීමට යෝජනා කර තිබුණි. 

එපමණක් නොව ධවල මන්දිරයට නැවත පැමිණීමට අවශ්‍ය නම් එහි නායකත්වය දීමට ද මස්ක් එකඟ වී ඇත.

මස්ක්, ඔහුගේ පැත්තෙන්, මැතිවරණ ප්‍රචාරක මාවතේ ට්‍රම්ප්ට සහාය දක්වමින් කියා සිටියේ, ඔහු දිගු කලක් තිස්සේ ග්‍රහණය කර ගෙන ඇති රජයේ රෙගුලාසි විශාල වශයෙන් ආපසු හැරවීමට පවා සූදානම් බවයි. 

ටෙස්ලා සහ SpaceX ප්‍රධාන විධායක නිලධාරී මස්ක්, නාස්තිකාර සේවකයින් දොට්ට දැමීම් තර්ජනය කරන තක්සේරු පද්ධතියක් ද ඉදිරිපත් කර ඇති අතර දොට්ට දැමූ රජයේ සේවකයන්ට පැකේජයන් ද පිරිනැමීමට යෝජනා කර ඇත.

දැන් එලැබ ඇත්තේ ට්‍රම්ප් – මස්ක් සමයයි! ඉදිරිය ගැන ඔබටම පැහැදිලිය. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan