පකිස්ථාන අග්‍රාමාත්‍ය Shehbaz Sharifගෙන් ජනපති අනුරට සුබ පැතුම්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ (LNW):

පකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කළේ ය.

අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය මෙරට ජනතාව එතුමාගේ දැක්ම සහ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ සාක්ෂියක් බව, එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ශෙබාස් ෂරීෆ් මහතා පවසා ඇත.

දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් පුළුල් කිරීමට පකිස්ථානය කැපවී සිටින බව, එම එක්ස් පණිවිඩයේ සඳහන් වේ.

දෙරටේ සමීප සහ දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තම රජය පකිස්ථානය සමග අඛණ්ඩව කටයුතු කර බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අහමදාබාද් ගුවන්තොටුපළ අසල...

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...