බවුමාගේ වමත ගැන තීරණය සඳුදා ට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 16,(LNW) කොළඹ :

දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට සිය වම් අතේ ආබාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ හැකිද,නොහැකිද යන්නෙහි තීරණය ලැබෙන්නේ නොවැම්බර් 18 වන සඳුදා බව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙනවා.මෑත කාලයේ දී මුහුණ පෑමට වූ බවුමාගේ වම් අතේ ආබාධය මීට වසර දෙකකට පෙර ද මතු වූ එකක් වන අතර සඳුදා දිනයේදී ඔහුව පරික්ෂා කරන වෛද්‍යවරුන් විසින් ඔහු ශ්‍රී ලංකාව සමඟ වන ටෙස්ට් තරග සඳහා තරග වැදීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇතැයි පැවසෙනවා.


මේ වන විටත් දකුණු අප්‍රිකාවට ආබාධයක් නිසා ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට ලුන්ගි එන්ගිඩිගේ සේවය නොලැබෙන බව තහවුරු වී තිබියදී නායක බවුමාට ද ක්‍රීඩා කරන්නට අවස්ථාව ඇහිරී ගියහොත් ශ්‍රී ලංකානට එරෙහි තරගවලදී ශ්‍රී ලංකාව මෙහෙයවීම ඒඩ්න් මාක්රම් වෙත පැවරෙන්නට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...