නව සභාපතිවරයෙකු රාජකාරී අරඹයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ (LNW):

මහාචාර්ය පී. එන්. ඩී. ප්‍රනාන්දු මහතා, මහජන බැංකුවේ නව සභාපති ලෙස අද(18) දින සිය රාජකාරී කටයුතු ආරම්භ කළ බව වාර්තා වේ.

එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී, මහාචාර්ය පීඑන්ඩී ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස වැඩභාර ගැනීම සිදුකළේය.

එම අවස්ථාවට, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යධිකාරී ක්ලරයිව් ෆොන්සේකා මහතා ඇතුළු ජේෂ්ඨ කළමනාකාරීත්වය එක්ව සිටි බව සඳහන් වේ.

මූල්‍ය / බැංකු හා උසස් අධ්‍යාපනය පිළිබද වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යන අංශයේ මහාචාර්ය වරයෙකු සහ අංශ ප්‍රධානියෙකු මෙන්ම වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

විශ්වවිද්‍යාලය තුළ වසර 27කට වැඩි ශාස්ත්‍රීය මෙහෙවරක නිරතවූ ඒ මහතා නව උපාධි වැඩසටහන් කිහිපයක් හඳුන්වාදෙමින් මෙරට මූල්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සදහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, විදේශ විශ්වවිද්‍යාල කිහිපයකින් පශ්චාත් උපාධි ලැබූ මහාචාර්ය පීඑන්ඩී ප්‍රනාන්දු මහතා මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන කිහිපයකම උපදේශකවරයෙකු හා සම්පත් දායකයෙකු ලෙසද කටයුතු කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...