නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අනිද්දා ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අනිද්දා (නොවැම්බර් 21) දිනයේදී සිදුකෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එදින පෙරවරුවේ නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවැත්වෙන අතර එම පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව, එදින පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

21 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලය ඊයේ (නොවැම්බර් 18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

ඇතැම් විශාල අමාත්‍යාංශ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් එක් අයකුට වැඩි ගණනක් පත්කිරීමට ද සිදුවන හෙයින් නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 21 ට වඩා මදක් වැඩිවනු ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

S&P ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි !

ඊයේ (සැප්තැම්බර් 19) දින S&P ආයතනය විසින් ලංකාවේ ණය...

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...