නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අනිද්දා ?

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අනිද්දා (නොවැම්බර් 21) දිනයේදී සිදුකෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එදින පෙරවරුවේ නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවැත්වෙන අතර එම පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව, එදින පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

21 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලය ඊයේ (නොවැම්බර් 18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

ඇතැම් විශාල අමාත්‍යාංශ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් එක් අයකුට වැඩි ගණනක් පත්කිරීමට ද සිදුවන හෙයින් නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 21 ට වඩා මදක් වැඩිවනු ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...