සොනාල්ගෙන් තේරීම් කමිටුවට බලපෑම් ඇති කරන ඉණිමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 20,(LNW) කොළඹ :

පකිස්තාන් ඒ කණ්ඩායම සමග පැවත්වෙන දෙවන සිව්දින තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉණිම කඩ වැටීම නවත්වමින් පළමු තරගයේදී සිඳු කළ ආකාරයෙන්ම විශිෂ්ඨ ඉණිමක් ගොඩ නඟන්නට සොනාල් දිනූෂ සමත් වුණා.ලකුණු 25 ට කඩුලු 5ක් බිඳ වැටුණු ශ්‍රී ලංකාව පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව ගොඩ ගනිමින් සොනාල් දිනූෂ නොදැවී ලකුණු 85 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 310 දක්වා ඔසවා තබන්නට දායක වුණා.


කණ්ඩායමට පන්දු යැවීම ප්‍රමුඛ කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඇතුළත් වන සොනාල් දිනූෂ සිිය වමත් දග පන්දුවෙන් මෙන්ම වමත් පිතිහරඹයෙන් ද ලබා දෙන දායකත්වය ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කිරීමක් බඳුය.සොනාල් හයවන කඩුල්ල සඳහා පවන් රත්නායක (35) සමඟ ලකුණු 59 ක් රැස් කරන අතර යළි හත්වන කඩුල්ල සඳහා දිනුර කළුපහන (30) සමඟ ලකුණු 56 ක සබඳතාවයක් ගොඩ නඟන්නේය.


ශතකයකට ලකුණු දෙකක් මෙපිටින් වූ අටවන කඩුල්ලේ සබඳතාවය පවත්වන්නේ,මේ දක්වා තමන්ට අවස්ථාවක් ලැබුණු සෑම විටකදීම පාහේ දස්කම් අතරට එන තවත් ක්‍රීඩකයෙකු වූ වනුජ සහන් සමඟය.වනුජ ලකුණු 63 ක් රැස් කරන්නට සමත් වන්න්ය.ඉනික්බිති ඉසිත විජේසුන්දර ද සොනාල් සමඟ එක්ව පන්දු 41 න් ලකුණු 51 ක් ලබා ගන්නා අතර ඔහු සහ සොනාල් අතර නව වන කඩුල්ලට එකතු වූ සබඳතාවය ලකුණු 61 කි.ලැබෙන අවස්ථාවන්වලින් පල ලබන්නට ඉඩ අහිමි ක්‍රීඩකයෙක් වුවත්,වැඩි අවස්ථාවන් ගණනකට මඟ සකසා ගත් චාමික ගුණසේකරට සිය කඩුල්ල රැක ගෙන ඉවසීමෙන් ක්‍රීඩා කරන්නට හැකියාව තිබුණේනම් සොනාල් දියත් කළ ඉණිම වටිනාකමෙන් තවත් ඉහළට එසැවෙන ශකතයක් කරා යන එකක් වන්නට ද ඉඩ තිබිණි.

පකිස්තානයේ අන්තරාකාරී වේගය රැඟෙන පැමිණ,පළමු තරගයේ දී මෙන්ම ක්‍රියාත්මක වූ කුරාම් ශෂාද් ලකුණු 30 කඩුලු 6ක් දවා ගනිමින් කැපී පෙණෙන පන්දු යැවීමක නිරත විය.
අභියෝගාත්මක ලකුණු 310 හඹා යන පකිස්තානය දෙවන දිනයට තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලබා ගන්නට හැකිව තිබුණේ ලකුණු 212 ක් පමණයි.එහිදී පන්දු යැවීමේදී වනුජ සහන් ලකුණු 57 ට කඩුලු 2 ක් දවා ගෙන තිබුණු අතර ඉසිත විජේසුන්දර,චාමික ගුණසේකර සහ නිපුන් ධනංජය එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත්ව සිටියා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...