ශම්මිට මිලියන 500 ක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 21,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට සහ එහි කාර්ය මණ්ඩලයට අපහාසාත්මක වන ආකාරයෙන් කරුණු දක්වමින්,දූෂිතයින් ලෙස සමාජගත කිරීමට උත්සාහ කළ බවට සංජීව මහවත්තට එරෙහිව පවරා තිබූ නඩුවක් සම්බන්ධයෙන් මහාධිකරණයට කරුණු පැමිණිළි කරමින්,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධයෙන් අද කොළම මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විසින් පැමිණිල්ලට වාසි වන ආකාරයේ තීන්දුවක් ලබා දුන්නා.


සාධාරණ මත පළ කිරිමක් හෝ මත පල කිරීම මහජන යහපත උදෙසා සිඳුකරන ලද බවට වන කරුණු සනාථ කිරීමේ වගකීම විත්තිකරු වෙත පැවතුණ ද,ඔහු එය ඉටු කර නොමැති නිසා අධිකරණය පැමිණිල්ලේ ආයාචනයේ අයැද ඇති සහන වන රුපියල් මිලියන 500 ක මුදල සම්බන්ධයෙන් පැමිණිල්ලේ ඉල්ලීමට එකඟ වෙමින් විනිසුරුවරයා තින්දුව ලබා දීමට පියවර ගනු ලැබුවා.


ඉදිරිපත් කරන ලද කරුණුවල නිවැරදිතාවය පැහැදිලි කිරීමක් විත්තිකරු විසින් කෙළෙසකවත් සිඳු කර නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා එම නිවැරදිතාවය මෙන්ම මහජන යහපත උදෙසා කරන ලද බවට සනාත කිරීමක් ගම්‍ය නොවුණු නිසා ද විනිසුුරුවරයා සිය තීරණයට එළැඹීම සඳහා විත්තිකරු විසින් කරන ලද පැමිණිළි පැමිණිකරුට හානි කිරීමේ චේතනාවෙන් කරන ලද බවට ද නිගමනය කරනු ලැබුවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...