හිම කන්දෙන් එහා ශීතල අඳුරු ප්‍රංශයේ කතාව!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වන විට ශීත සෘතුවත් සමඟ ප්‍රංශයේ හිම පතනය වීම ආරම්භ වී තිබෙන අතර, ඒ හේතුවෙන් ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසකට තැඹිලි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන ශීත සෘතුව සැලකෙන්නේ වසරේ ශීතලම සහ අඳුරුතම සමය ලෙසයි. එමෙන්ම, මේ වන විටත් ලොව උතුරු අර්ධගෝලයේ රටවල් රැසක හිම පතනය ආරම්භ වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රංශයෙන් ද මේ වනවිට වාර්තා වන්නේ හිම පතනය සහිත අධික ශීත කාලගුණයක් වේ. හිම පතනය හේතුවෙන් ප්‍රංශයේ වීථි සහ පදික  වේදිකා හිමෙන් වැසී ගොස් තිබෙන අතර, එයින් පැරිස් අගනුවර ඇතුළු නගර රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

තවද, ශීතාධික කාලගුණය හමුවේ බටහිර දිග ප්‍රංශයේ නිවාස ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයකට විදුලි ඇණහීටීමටක ද මුහුණදීමට සිදුව තිබෙන බවත්,විදුලි සැපයීම යථාවත් කිරීමට සේවකයින් දහසක් පමණ යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, ප්‍රංශ කාලගුණ අංශ පුරෝකතනය කරන්නේ හිම පතනය ඉදිරියේ දී තවත් තීව්‍ර විය හැකි බවයි. කෙසේ වෙතත්, ඒ අනුව දැනටමත් උතුරු බ්‍රිට්නි සහ නෝමැන්ඩි ප්‍රදේශවලට මෙන්ම ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර පෙදෙස්වලට තැඹිලි අනතුරු අඟවීම් නිකුත් කර තිබෙන බව වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...