රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):
ලංකා විදුලි සේවක සංගමය, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ තම ආයතනය ලාභ ලබන තත්වයට පත්ව ඇති බැවින් ලබන මස 10 වනදාට පෙර සේවක ප්රසාද දිමනාව ලබා දීමට කටයුතු කරන ලෙසයි.
රංජන් ජයලාල් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය පාඩු නොලබන බවත් එය පාඩු ලබන තත්ත්වයට පත් කළ ආයතනයක් බවයි.