CPC මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):

කොළඹ අරලියගහ මන්දිරයේදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ඇත.

මෙම රැස්වීමට මහජන චීන සමූහාණ්ඩුවේ CPC මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු Qi Zhenhong සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, පාර්ලිමේන්තු කාරක සභාවේ නියෝජ්‍ය සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය මෙම හමුවට සහභාගී වී ඇත.