දකුණු ලක අග නගරයේ මැවුණ උතුරු කුණාටුවෙන් ඔළිද දේශය විසුණු වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 24(LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන බංගලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර පළමු එක් දින තරගය වර්ෂාව නිසා ජය පරාජයෙන් තොරව කෙළවර වුණා.එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනයට යාපනය හාර්ට්ලි විද්‍යාලයෙන් පැමිණි විග්නේෂ්වරන් ආකාශ් අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් බංගලාදේශ කණ්ඩායම අසරණ කරමින් සිය පා දඟ පන්දුවෙන් ලකුණු 27 ට කඩුලු 5 ක් දවා ගන්නට සමත් වුණා.


ඒ නිසා පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශයට පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු ඕවර් 18.4 දී ලකුණු 76 ක සබඳතාවක් පවත්වමින් හොඳ ආරම්භයක් ලබා ගත්තද,පන්දු ඕවර් 33.5 ක් ගෙවෙන තැන ලකුණු 141 ට සියලුම කඩුලු අහිමි කර ගන්නට සිඳු වුණා.බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ රිඩෝයි හොසේන් ලකුණු 40 ක් සහ අබ්දුල්ලා අල් මොහී ලකුණු 31 ක් රැස් කර ගන්නට සමත් වුණා.


ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 126 ක් ජයග්‍රහණයට අවශ්‍යය වුණත් පන්දු වාර 5.3 ක් නිමා වෙන විට එක කඩුල්ලකට ලකුණු 23 ක් ලබා සිටියදී තරගය නවතා දමනවා.ඒ වන විට රෙහාන් පීරිස් වේගයෙන් ලකුණු සීමාවට පිවිසීම සඳහා මුල පුරමින් එක් හයේ පහරක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 11 ක් නොදැවී ලබා සිටියා.


විශේඹයෙන්ම ආකාෂ්ට මෙන්ම අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට තේරී පත් වී සිටින යාපනය ක්‍රීඩකයින් වෙනුවෙන් ද,රන්ජන් පරණවිතානයෙන්ගේ මඟ පෙන්වීම මත ප්‍රවීන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර ඔවුන්ගේ ක්‍රීඩා භාණ්ඩ අවශ්‍යයතාවයන් වෙනුවෙන් අනුග්‍රහය දැක් වූ අතර මෙම තරගයේදී එම තීරණයේ නිවැරදිභාවය සනාත කරන්නට විග්නේෂ්වරන් ආකාශ් සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...